දුම්රිය රියදුරු වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන කාලයේ කාර්යාලය දුම්රිය ගමන්වාර 11ක් පමණ අවලංගු කිරීමට සිදුව ඇතැයි වාර්තා වෙයි.
මේ අනුව අනුව ප්රධාන මාර්ගයේ දුම්රිය 5ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දෙකක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය දෙකක්, පුත්තලම් මාර්ගයේ එක් දුම්රියක් හා උතුරු දුම්රිය මාර්ගයේ එක් දුම්රියක් ලෙස දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කර තිබේ.
නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.
මේ හේතුවෙන් ඊයේ (23) දිනයේ දුම්රිය ගමන් වාර 21ක් පමණ අවලංගු විය.