මිගමුව, ඒත්තුකාල මුහුදු වෙරළේ දියනාමින් සිටි තරුණයන් තිදෙනකු මුහුදේ ගිලී අතුරුදහන් වී ඇති බව මීගමුව පොලීසිය පවසයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ කොස්ලන්ද, ඩයගම සහ චුන්කානම් පදිංචිකරුවන් බව කියන සත්‍ය මුර්ති සිරිවින්ත්(21), වඩිවේල් ආනන්ද කුමාර් (23) සහ ජෙයදිස්වරන් ජෙයලක්ෂමන්(23) යන තිදෙනාය.
අද (23දා) දහවල් 12.45 ට පමණ මෙම අතුරුදහන් වීම සිදුව ඇති අතර ඔවුන් සමග දියනෑමට පැමිණි තවත් තරුණයකු විසින් මීගමුව මූලස්ථාන පොලීසියට මේ පිළිබඳව පැමිණිල්ලක් සිදුකර ඇත. මීගමුව පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මිගමුව- බර්ටි වීරසිංහ