මාර්ග බාධක පරික්ෂාවකදී කුඩු සනාගේ ගෝලයෙකු දමා දිව ගිය හෙරෝයින් පැකට් හැට දෙකක් ගෙදර ගෙනගොස් සිය නිවසේ මිදුලේ වල දමා තිබු බව කියන අඟුලාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් කුඩු පැකට් හැටදෙකම සමග(22) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාශ පොලිස් අපරාධ විමර්ශන ඒකකය පවසයි.
අඟුලාන පොලීසියේ ස්ථානාධිපතිගෙන් ලැබුණු දැනුම්දීම්කට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
පසුගිය දිනක අඟුලාන පොලිසියේ යොදා තිබූ මාර්ග බාධකයක් පසුකරගෙන යෑමට පැමිණි කුණු බෑගයක් රැගත් පුද්ගලයකු පොලිසිය පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී කලබල වූ එම පුද්ගලයා කුණු බෑගය දමා පලා ගොස් ඇතැයි පොලීසිය පැවසී ය.
දමා ගිය කුණු බෑගය ජංගම රථයේ සිටි සැකකාර කොස්තාපල්වරයා පරීක්ෂාකර බැලීමේදී එහි පෙට්ටියක බහා තිබූ කුඩු පැකට් හැටදෙකක් පොලිසියට හමුවී ඇති බව විමර්ෂණ වලදී හෙලි වු බව පොලිසිය පැවසීය.
සිය බාරයට පත් වු කුඩු පැකට් පොලිසියට රැගෙන විත් රාජකාරිය සිදුකරනවා වෙනුවට ඔහු විසින් එම කුඩු පැකට් සිය නිවසට ගෙන ගොස් මිදුලේ වළදමා ඇති බව පොලීසිය පැවසී ය.
කුඩු අතැර පලාගිය සැකකරුගෙන් කුඩු වලට වුනේ මොනවාදැයි අසමින් කුඩු ජාවාරම්කාර කුඩු සනාගේ පියා වන ගාමිනි කල පහර දීමකින් තුවාල ලැබු කුඩු සැකකරැ මාර්ග බාධක යෙදී ජංගම සේවයේ යෙදී සිටි කොස්තාපල්වරයා සිය කුඩු රැගෙන ගිය බවට අඟුලාන පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.
ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයේදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා කුඩු සැකකරුගේ කුඩු රැගෙන ගොස් ඇති බවට කරුණු හෙළි වූ බව පොලිසිය පැවසීය.
ඒ අනුව සැකකාර පොලිස් කොස්තාපල් වරයාව වැඩ තහනමකට ලක් කිරීමට අවශ්‍ය සියලු පියවර ගත් අඟුලාන පොලිස් ස්ථානාධිපතිවරයා සිදුව ඇති දේ පිළිබඳව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට දැනුම් දීමෙන් අනතුරුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ නිවසේ සඟවා තිබූ හෙරොයින් සමග අත්අඩංගුවට පත්වූ බව පොලීසිය පැවසීය.
කුඩු පැකට් දමා පලා ගිය වරදට කුඩු ඒජන්ත වරයාගෙන් පහරකෑමට ලක්වූ කුඩු ගෝලය මේ වන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව පොලීසිය පැවසී ය.
හෙරොයින් පැකට් හැට දෙකක් ළඟ තබා ගැනීම නිසා අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා මීට පෙරද වැඩ තහනම්කට ලක්ව සිට නැවත සේවයට පැමිණි අයෙකු බව පොලිසිය පැවසීය.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා මහරගම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් බව පොලිසිය පැවසීය
අත්අඩංගුවට පත් සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ගල්කිස්ස කොට්ඨාශ ජේෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතය.
රේඛා තරංගනී ෆොන්සේකා