ප්‍රසිද්ධ දුරකථන සමාගම් වල සම්ප්‍රේෂණ කුළුණු වල ඇති, විදුලි ජනක යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර ඇතුළු දේපළ සොරකම් කර විකිණීමේ ජාවාරමක නිරත වූ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 4 දෙනෙකු සොරකම් කරන ලද රුපියල් කෝටියකට වැඩි විදුලි ජනක යන්ත්‍ර 4ක්, සහ ඒවා ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් සමග පෙරේදා (22දා) අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
මෙම සොරකමේ ප්‍රධාන සැකකරු වන, බෝධිය මාවත, පොතානෙගම, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සහ අක්කර 20, ශ්‍රමදාන මාවත, ඥානික්කුලම අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විදුලි කාර්මික ශිල්පියකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී, මෙම සොර බඩු ප්‍රවාහනය කළ සහ ඊට අනුබල දුන් සැළලිහිණියා ගම , මහකච්චකුඩිය ප්‍රදේශයේ පදිංචි 53 හැවැරදි පුද්ගලයකු සහ හිඟුරු වැව, ආඬියාගල ලිපිනයේ පදිංචි 46 හැවිරිදි රියදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කළේය.
ගල්නෑව පොලිස් වසමේ නෑගම්පහ සකලසූරියගම ප්‍රදේශයේ දුරකථන සම්ප්‍රේෂණ කුළුණක සවි කර තිබූ රුපියල් ලක්ෂ 9ක් වටිනා විදුලි ජනක යන්ත්‍රයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයක් අනුව මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
පළමු සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සොරකම් කරන ලද 12.5 KVක, විදුලි ජනක යන්ත්‍රයක් අනුරාධපුර ඇලයාපත්තුව නිවසක සඟවා තිබියදී සොයා ගත් බවත්, එම මෙම සැකකරුගෙන් සිදු කළ වැඩි දුර ප්‍රශ්න කිරීම් වලදී ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ අතහැර දැමූ පාලු පාළු වී මෝලක සඟවා තිබියදී 12.5 KVක තවත් විදුලි ජනක යන්ත්‍රයක් සොයා ගත් බවද පොලිසිය කියයි.
අනුරාධපුර ඥානික්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විදුලි කාර්මික ශිල්පියා සන්තකයේ තිබී එම ධාරිතාවයෙන් යුත් තවත් විදුලි ජනක යන්ත්‍ර 2ක් සොයා ගත් බවත් සොරකම් කරන ලද එම විදුලි ජනක යන්ත්‍ර ප්‍රවාහනය කල ට්‍රක් රථයක්ද වැටලීමේ දී අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සදහන් සඳහන් කළේය.
සැකකරුවන් විසින් කරන ලද ඇතැම් සොරකම් ප්‍රසිද්ධියේ සිදු කර ඇති බවත්, අදාල දුරකථන සමාගමේ සේවකයන් බවට හැඟෙන පරිදි, නඩත්තු කටයුතු කරන මුවාවෙන් මේ ඇතැම් සොරකම් සිදු කර ඇති බවද පොලිසිය අනාවරණය කර ගෙන තිබුණි.
සැකරුවන් පසුගිය කාල සීමාව තුල රුපියල් කෝටි 5 කට වැඩි වෙළඳපල වටිනාකමකින් යුත් විදුලි ජනක යන්ත්‍ර 12ක් ඇතුළු දේපල සොරකම් කර ඇති බව සැකකරුවන් සිදු කළ ප්‍රකාශ වලදී අනාවරණය වන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.