ශ්‍රී ලංකාවේ ගෑස් අලවි කරන ලිට්රෝ හා ලාෆ් යන සමාගම් දෙකම ගෑස් සදහා පවතින මිල සූත්‍රයට අනුව එකම මිලකට සිය ගෑස් වෙළද පොළට නිකුත් කල යුතු බවත් එසේ නොකරන්නේ නම් ඉදිරියේදී එලෙස නොකරන ආයතන වලට එරෙහිව නිතිමය කටයුතු කිරීමට සිදු වන බවත් වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියහ.
අමාත්‍යවරයා එලෙස පවසා සිටියේ ජා-ඇල දඩුගම ඒ මහතා ගේ කාර්යාලයේ 22 දා මාධ්‍ය හමුවක් කැදවමිණි. නලීන් ප්‍රනාන්දු මහතා එහිදී ගෑස් මිල සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.
"ලංකාවේ ගෑස් අලවි කිරීම සදහා සිටිනුයේ ලිට්රෝ හා ලාෆ් කියන සමාගම් දෙක පමණයි. පසු ගිය කාලයේ ලිට්රෝ සමාගම ගෑස් මිල අඩු කිරීමට පියවර ගත්තත් ලාෆ් සමාගම එලෙස මිල අඩු කලේ නෑ. විවිධ සංවිධාන වලින් හා පාරිභෝගික ජනතාවගෙන් මට මේ සම්බන්ධයෙන් බලපෑම් එල්ල වුණා.
සමාගම් දෙකක මිල ගණන් දෙකක් වීම සම්බන්ධයෙන්. මේ සමාගම් දෙක අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් අතර වෙනස රුපියල් 708/= එය විශාල වෙනසක්. මම මේ වැඩිමිලට ගෑස් විකුණන සමාගම කැදවලා සාකච්ඡා කෙරුවා.
ඒ අය මිල ගණන් වැඩි වීම සම්බන්ධයෙන් විවිධ අදහස් දැක්වුවා. නමුත් මම ඒ අයට කිව්වා ඉක්මණින් මේ මිල ගණන් අඩු කරලා සමාගම් දෙකම එකම මිලකට ගෑස් අලවි කල යුතුයි කියන එක. ගෑස් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත් කරලා තියන මිල සූත්‍රය මේ සමාගම් දෙකම අනුගමණය කල යුතුයි.
එසේ නොකරන්නේ නම් එම සමාගමට එරෙහිව නීතිමය කටයුතු ඉදිරියේදී සිදු කිරීමට සිදු වෙනවා. මම ලාෆ් සමාගම කැදවලා කරපු සාකච්ඡාවෙන් පසුව ඒ කිව්වා ලබන 24 සදුදා වන විට හොද උත්තරයක් දෙන්නම් කියලා. මගේ රාජකාරිය තමයි පාරිභෝගික ජනතාවට අඩුම මිලට ගෑස් ටික ලබාදීම."
ප්‍රසංග පෙරේරා