2024 නිවාඩු දින කලින්ම ප්‍රකාශයට
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ලබන වසරට අදාළ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබේ.
මේ අනුව ලබන වසරේ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාව 25 ක් වන අතර ලබන වසරේ පළමු නිවාඩුව ජනවාරි 15 වැනි දිනට යෙදී තිබේ. එදින තෛපොංගල් දිනයයි. අනෙකුත් නිවාඩු දින මෙසේය.
ජනවාරි 25 දුරුතු පොහොය, පෙබරවාරි 04 නිදහස් සමරුව, 23 වැනි දින නවම් පුරපළොස්වත පෝය දිනය, මාර්තු 08 වැනි දින මහා ශීව රාත්‍රී දිනය, 24 වැනි දින මැදින් පෝ දිනය, 29 වැනි දින මහා සිකුරදා දිනය, අප්‍රේල් 11 රාමසාන් දිනය, අප්‍රේල් 12.13 සිංහල දෙමළ අවුරුදු දින,
23 වැනි දින බක්පුර පෝය දිනය, මැයි 01 වැනි දින ලෝක කම්කරු දිනය, 23 හා 24 වෙසක් පෝය දිනය, ජුනි17 හජ්ජි උත්සවය, 21 පොසෙන් පෝය දිනය, ජූලි 20 ඇසළ පෝය දිනය, අගෝස්තු19 නිකිණි පෝය දිනය, සැප්තැම්බර් 16 නබි නායක තුමාගේ උපන්දිනය, 17 බිනර පෝය දිනය, ඔක්තෝබර් 17 වප් පෝය දිනය, 31 දීපාවලී උත්සවය, නොවැම්බර් 15 ඉල් පෝය දිනය, දෙසැම්බර් 14 උඳුවප් පුර පෝය දිනය, 25 නත්තල් දිනය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

