මහ මග මත්පැන් බිව්වාට රු. 10000ක දඩයක්
මහයියාව දුම්රිය ස්ථානය අසළ මහමග තැඹිලි අලෙවි කරමින් ප්රදර්ශනාත්මකව මත්පැන් පානය කරමින් සිටී අයෙකු මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට රුපියල් 10,000 ක දඩයක් මහනුවර අතිරේක මහේස්ත්රාත් මොහොමඩ් රාෆි මහතා විසින් නියම කළේය .
එසේ දඩ නියම වූයේ මොහොමඩ් නලීම් නැමැති මහයියාව ප්රදේශයේ පදිංචි අයෙකුටය. එම දඩය නොගෙවන්නේ නම් මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරණ බවද විනිසුරුවරයා සඳහන් කළේය .
එම චූදිතයා මහයියාව ප්රදේශයේ මහමග තැඹිලි තබාගෙන අලෙවි කරමින් බීමතින් අශෝභන ලෙස හැසිරෙන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිමත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි .
මහනුවර මූලස්ථාන භාර ප්රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීම මත දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළේය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
