නිවාස ඉඳි කර දෙන බව සහ ඉඩම් රැගෙන දෙන පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ මහ මොළකරු කඩුවෙල නිවසක වෙස් වලාගෙන සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු සන්තකයේ තිබී දේදුනු උඩුදුම්බරලාගේ ක්‍රිශාන්ත ලක්රුවන් සිරිසේන (ජාතික හැඳුනුම්පත් අංක(820304865) නමින් ව්‍යාජ හැඳුනුම්පතක් මෙන්ම විදේශ ගමන් බලපත්‍රයක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මාලබේ උඩවත්ත ප්‍රදේශයේ සමාගමක් පවත්වාගෙන යමින් අන්තර්ජාලයේ දැන්වීම් පළ කර මෙම මහා වංචාව සිදු කර තිබූ බව පොලිසිය කියයි.
සැකකරුගේ එම වංචාවට හසුව රුපියල් කෝටි තුන හමාරකට ආසන්න ප්‍රමාණයක මුදල් අහිමි කරගත් පුද්ගලයන් 26 දෙනෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත සහ මාලබේ පොලිසිය වෙත පැමිණිලි කර තිබූ බව පොලිසිය කියයි.
එම පැමිණිලි අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු කාර්යාලය පවත්වාගෙන ගිය මාලබේ උඩවත්ත ප්‍රදේශය කරා ගියද සැකකරු ඒ වන විටත් එය වසා දමා ප්‍රදේශය හැර පලා ගොස් තිබූ බව පොලිසිය කියයි
සැකකරු විවිධ පුද්ගලයන්ට නිවාස ඉදිකර දෙන බව පවසා ඔවුන් ඔවුන් අත තිබෙන ලක්ෂ 10 හෝ 20 ලබාගෙන රුපියල් ලක්ෂ 80 ක ණය මුදලක් ලබා දෙන බව පවසා ගිවිසුම් අත්සන් කර තිබූ බව පොලිසිය කියයි
ඒ ආකාරයෙන් ඔහු කිසිම පුද්ගලයෙකුට සාදාදුන් නිවසක් හෝ ලබා දුන් ඉඩමක් නැති බව මේ වන විට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය
සැකකරු වංචා සහගතව ලබාගත් සියලුම මුදල් රාත්‍රී සමාජ ශාලාවලට ගොස් කැසිනෝ ක්‍රීඩාව සඳහා යොමු කර තිබූ බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
සැකකරුගේ නමින් තිබෙන බැංකු ගිණුම් සම්බන්ධයෙන් සහ සැකකරු තවත් මේ ආකාරයෙන් වෙනත් ප්‍රදේශවල සමාගම් පවත්වාගෙන යමින් මුදල් වංචා කර ඇත්දැයි සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි
41 හැවිරිදි සැකකරු හඳුනා ගැනීමේ හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය