නියමිත ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් රජයේ රෝහල්වල භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර තිබේ.
ඒ අනුව මීට අදාළ චක්‍රලේඛය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් නිකුත් කර ඇත.
රජයේ රෝහල්වල භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ සාම්පල කිහිපයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරීක්ෂාවට පසුගියදා ලක්ව ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම ඖෂධ පෙතිවල අඩංගු ඇස්ප්‍රින් නමැති එහි ප්‍රධාන සංඝටකය තුළ ඇසිටයිල් සැලිසිල්ක් අම්ලය නියමිත ප්‍රමාණයට නොමැති බවයි.
ඒ අනුව එම කාණ්ඩ 02ට අයත් ඇස්ප්‍රින් ඖෂධ සියල්ල රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර, ඊට අදාළ චක්‍රලේඛය සියලු රෝහල් වෙත නිකුත් කිරීමට කටයුතු කර තිබේ.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු %අද^ට සඳහන් කර සිටියේ ඖෂධ ආනයනය සඳහා ටෙන්ඩර් ප්රදානය වඩා විධිමත් සොයා බැලීමක් මත සිදු වන්නේ නම් ඖෂධ ප්රමිතීන් පිළිබඳ ගැටලු අවම කරගත හැකි වනු ඇති බවයි.
ඒ අනුව වරද ඇත්තේ ගෙන්වනු ලබන ඖෂධවල නොව ඊට අදාළව තෝරාගනු ලබන සැපයුම්කරුවන්ගේ වන බවත්, එසේම නිසි සැපයුම්කරුවන් තෝරා ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.