ඊළග ආණ්ඩුව හදන බලවේගයත් පොදුජන පෙරමුණයි
"පෙදුජන පෙරමුණ කියන්නේ මේ රටේ අණ්ඩුහදන බලවේගයක්. අනිවාර්යයෙන්ම ඊළග ආණ්ඩුව හදන බලවේගය බවටත් පොදුජන පෙරමුණේ අපි පත්වෙනවා." යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (22 දා) බදුල්ලේදී පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල ආසන සම්මේලනයට සහභාගිවූ රාජපක්ෂ මහතා ඉක්බිති මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේද පැවසීය.
මීළඟ මැතිවරණයකදී සන්ධාන ගත වීමපිළිබදව අපි තීරණයක් ගන්නේ මැතිවරණයක් ලංවන විටයි.
පසුගිය කාලවල අපේ දේශපාලන පක්ෂය සන්ධාන ගතවීම නිසා අපේ පක්ෂයට සාධාරනය වෙච්ච අවස්ථාත් තියෙනවා. අසාධාරණයට ලක්වෙච්ච අවස්ථාවක් තියෙනවා.
බදුල්ල දිස්ත්‍රික්කය ඊට හොදම උදාහරණයක්. පෙදුජන පෙරමුණ කියන්නේ මේ රටේ අණ්ඩුහදන බලවේගයක් අනිවාර්යයෙන්ම ඊළග ආණ්ඩුව හදන බලවේගය බවටත් පොදුජන පෙරමුණේ අපි පත්වෙනවා.
අපි අපේ පක්ෂය එතැනට ගෙනයනවා. මැතිවරණයක් ක්‍රියාත්මක වන කාලසීමාවේ තමයි සන්ධාන ගතවීම පිළිබදව සාකච්චා කරන්නේ.
අපේ ජනාධිපති අපෙක්ෂකයා කව්ද කියන එක පිළිබඳව අපේ බලමණ්ඩල වලින් අහලා තමයි අපී තීන්දුවක් ගන්නේ
මේ වෙලාවේ අපි ක්‍රියත්මක වන්නේ මෙරටේ දේශපාලන ස්ථාවත්වය ඇතිකරගන්න. සජිත් ප්‍රේමදාස මහත්තය ඇවිල්ල සහයෝගය දෙන්නෙත් නැතිනම් අනුර කුමාර මහත්තයලගේ පාර්ලිමේන්තුවේ ඉන්න තුන්දෙනා ඇවිල්ල සහයෝගය දෙන්නේ නැතිනම් පොහොට්ටුවේ අපිත් සහයෝග නුදුන්නොත් මේ රටට මොකද වෙන්නේ.
අපි එකක් පැහැදිලිව කියනවා. මේරටේ දේශපාලන ස්ථාවරත්වය ඇතිකරන්න. අපි සහාය දෙනවා. මේ කාරණයේදී මැතිවරණයක් ගෙනියන්න සල්ලි නැති වෙලාවේ අපි දේශපාලන වශයෙන් රට අස්ථවරත්කලොත් රට කොයිබටද යන්නේ.
එහෙම උනොත් අපි අර අරගලයේ මුවාවෙන් මේ රට අස්ථාවර කරන්න බලාගෙන ඉන්න අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙනවා.
අපි විශ්වාස කරන්නේ මේක ප්රජාතන්ත්රවාදී රටක්. වෙලාවට මැතිවරණ කරගෙන යන්න ආණ්ඩුවේ මුදල් තත්වය සාධාරන තත්වයකට හරුනම තියයි.
එතකල් අපි දේශපාලන ස්ථාවරත්වය ඇතිකරන්න මම හැමදාම කියනව වගේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ධනේෂ්වර පන්තියේ ආර්ථික ප්රතිපත්තිවල ප්‍රථිලාභ අපේ අපේ පන්තියේ අපේ ජනතාවට ගෙන දෙන්න තමයි අපි කටයුතු කරන්නේ." යැයිද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
බදුල්ලේ පාලිත ආරියවංශ
popular news
-
NANDANA Sunday, 23 July 2023 12:00 PM
AMMATA UDU MUGE PANTHIYA API DAANE NANE, WARENKO CHANDEKATA MAHA UN EKKA EKATHUWELA KELOPU TIKA MADI WAGE
Reply : 0 0
LGPJ Monday, 24 July 2023 02:02 AM
So happy dream !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

