කිසියම් පුද්ගලයෙකු අටවන ලද ඇමක් ගිල දමා මහත් අපහසුවෙන් සිටි අඩි 13 ක් පමණ විශාලත්වයකින් යුත් කිඹුලකුගේ කටට අත දමා එම ඇම ඉවත් කිරීමට කළුතර මොරන්තුඩුව ගෝනදූව කවටයාගොඩ තරුණයකු සමත් විය. ඔහු නමින් උදාර සංජීව නමැති හතළිස් හැවිරිදි තිදරු පියෙකි.
මෙරට ජනතාවට හා සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා සමුළු තුනකට සහභාගී වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (01) නියම කළේය.
Read Moreකර්මාන්ත අමාත්‍යංශය විසින් හදුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය( SOP)ට අනුව නිෂ්පාදනය ආරම්භ කළ සෙනාරෝ ( SENARO ) GN 125 නවතම මෝටර් සයිකලය වෙළෙඳපොළට හදුන්වා දීම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ලේක් හෝටල් පරිශ්‍රයේදී පසුගියදා ( ජනවාරි 31 ) සිදුකෙරිණි.
Read More2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය සියයට 31කින් පහළ ගොස් තිබේ. 2021 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 5,491 ක් වූ ශ්‍රමික ප්‍රේෂණ 2022 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3789ක් දක්වා පහළ ගොස් තිබේ.
Read Moreජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 102545 ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2022 වසරේ ජනවාරි මාසය හා සසදන විට එය සියයට 24.5ක ඉහළ යාමක් බවද එම අධිකාරිය සඳහන් කරයි.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පවුලේ උදවියට පහර දී නිල නිවසට අලාභහානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිසුන් 14 දෙනා එක් අයෙකුට රුපියල් 15000 බැගින් මුදල් හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය.
Read Moreකෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ ණය හිමියන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාධාරණ ක්‍රියාමාර්ගයකට එකඟවිය යුතුව ඇතැයිද ඇමෙරිකානු තානාපතිවරිය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
Read Moreඅපේක්ෂකයන් විසින් මැතිවරණය වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙනත් කටයුතු සඳහා යොදවන්නේදැයි විමර්ශනයක් කරන්නැයි ඉල්ලා කණ්ඩායම් තුනක් අද (1දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, මුදල් අමාත්‍යංශයට සහ මැතිවරණ කොමිසම වෙත ගොස් තිබේ.
Read Moreඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය පිතිකරු උස්මාන් කවාජාට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සඳහා වීසා ලැබීම පමා වී ඇති බව වාර්තා වේ.
Read Moreරනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ජනවරමේ ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීමට බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනවරම ලබා ගත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැති කාරණා ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනවරමක් නොමැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
Read Moreඝාතනය කර ඇතැයි කියන කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් අද (1දා) පස්වරුවේදී ඇල්පිටිය ඕමත්ත පදේශයේ නිවසක තිබියදී සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා අද (1දා) මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා හමුවීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියේය.
Read Moreදකුණු අප්‍රිකාවේදි පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම එළිදක්වා ඇත.
Read More“ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ – ලෝක බැංකුවේ පූර්ව ක්‍රියාමාර්ග” පිළිබඳ පසුවිපරම් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreමැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගේ නියෝගයකට අනුව හලාවත ප්‍රාදේශීය සභාවේ ලේකම් ශ්‍රියානී ජයසිංහ මහත්මියට ලබාදී තිබෙන ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා තහනම් නියෝගයක් කළේය.
Read Moreසත්කාරක දකුණු අප්‍රිකාව සමගින් පැවති දෙවැනි එක්දින තරගයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) නීතිරිති කඩකිරීමේ වරදට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක සෑම් කරන්ට දඩ පනවා ඇත.
Read Moreවිදුලිය නිපදවීම වෙනුවෙන් වැඩිපුර ජලය මුදාහැරීමට අද (01දා) සිට හැකියාවක් නොමැති බව මහවැලි අධිකාරිය පවසයි.
Read Moreනීතිවිරෝධී ආකාරයෙන් සිදුකරන ජංගම දුරකතන ආනයනය වැළැක්වීම වෙනුවෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජංගම දුරකතන ආනයනකරුවන් සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
Read Moreපුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චේතනාවෙන් පැදවූ ලොරිය යතුරුපැදියක හප්පා බරපතළ තුවාල සිදුකර පලාගොස් සැඟවී සිටි ව්‍යාපාරිකයෙකු දින පහකට පසු හොරණ වගවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.
Read More“කෙනෙක් සමාව ඉල්ලන්න ඕනේ වරදක් කළ ඒක පිළිගෙනනේ. හිටපු ජනපති සිරිසේන මහතා වරදක් කළා කියලා පිළිගන්නේ නෑ. ඔහු කියන්නේ තමන් පත්කළ නිලධාරීන් වරදක් කළ නිසා තමන්ට වන්දි ගෙවනන්නට සිදුව ඇති බවයි. එහෙම තත්ත්වයක් යටතේ ඔහුට සමාව ඉල්ලන්න සදාචාර නෑ. සමාව ඉල්ලීම හිස් වචන පමණයි. ඔහුගේ සමාව ඉල්ලීම අපට අදාළ වෙන්නේ නෑ.”
Read Moreඅන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු තුනකට අදාළව ඔහුට අද (01දා) ඇප නියම කෙරිණි.
Read More75 වැනි නිදහස සැමරීමේදී කළ යුතුව තිබුණේ පසුගිය වසර 75ක කාලය තුළ මේ රට කාබාසිනියා කරපු දේශපලාන පක්ෂ නායකයන් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලීමයි. අපි මේ නිදහස් උත්සවය උත්සවාකරයෙන් සැමරීම ප්‍රතික්ෂේප කරනවා. කතෝලික සභාව නියෝජනය කරන කිසිම කෙනෙක් එයට සහභාගී වෙන්නේ නෑ.
Read Moreකටුනායක ඇවරිවත්ත නගරයේ පවත්වා ගෙන යනු ලබන ජංගම දුරකථන අලෙවි සැල් දෙකක් සහ නේවාසිකාගාරයක් බිඳ රුපියල් ලක්ෂ පහළොවක් වටිනා ජංගම දුරකථන සහ දේපළ සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක මාදුව ප්‍රදේශයේ නේවාසිකාගාරයක සිටියදී ඊයේ (31දා) රාත්‍රී කටුනායක පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි දේශපාලන කටයුුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීය.
Read Moreනිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 180 ක් පමණ නැගෙනහිර දෙසින් අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 82.9°E ආසන්නයේ කේන්ද්‍රගතව පවතින බවත් එය ක්‍රමයෙන් බටහිර දෙසට බරව නිරිත දෙසට ගමන් කරමින් 2023 පෙබරවාරි 01 (අද) පෙරවරුවේ දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය වෙතට ලඟා වෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreදේශපාලන කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියක් වන වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාව සංචාරය ආරම්භ කරමින් මෙරටට පැමිණ තිබේ.
Read Moreපාකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සහ ආරක්‍ෂාව සඳහා එක්ව” (Together for Peace and security) යන තේමාව පෙරදැරිව අටවැනි වරටත් සංවිධානය කරනු ලබන බහු පාර්ශවික අමාන් - 2023 (AMAN - 2023) සාගරික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව ඊයේ දින (2023 ජනවාරි 31) කොළඹ වරායෙන් පාකිස්ථානයේ කරච්චි වරාය බලා පිටත් විය.
Read Moreජර්මන් ජාතික සංචාරක නියෝජිතයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ශ්‍රී ලංකාවේ දින 07 ක අධ්‍යයන චාරිකාවක් සදහා අද (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
Read More2023 ඉදිරි යල කන්නයේ වී වගාව හා බඩඉරිගු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.
Read Moreඑංගලන්ත පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩක හුවමාරුවකදි වාර්තා වූ ඉහළම ලංසුවට හිමිකරුවා වීමට ආර්ජන්ටිනාවේ යොවුන් ක්‍රීඩක එන්සො ෆර්නැන්ඩේස් සමත්විය.
Read More