මාර්ග අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී ‘ඔන් ද ස්පොට්’රක්ෂණ ක්‍රමය මේ වනවිට බාධාවක්වී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පෙන්වා දෙයි.
ඒ මහතා චෝදනා කර සිටින්නේ යම් රථවාහන අනතුරකදී පොලීසියට නොදන්වා රක්ෂණ සමාගම් සහ සේවාදායකයා එක්ව මෙම රක්ෂණ ක්‍රමය යටතේ ගැටලු විසඳා ගැනීම තුළ රථවාහන අනතුරු පිළිබඳ නිවැරදි දත්ත පොලීසියට ලැබීම වැළකී යන බවයි.
මේ හේතුවෙන් මාර්ගයක අනතුරක් සිදුවූ යම් ස්ථානයක් වෙතොත් එම ස්ථානයේදී අඛණ්ඩව අනතුරු සිදුවන්නේද යන්න නිරීක්ෂණය කරමින් ඊට විසඳුම් ලබා ගැනීමට ඇති අවස්ථාව වැළකී යන බවත් ඒ අනුව එය ඉතා බරපතළ තත්ත්වයත් සහ අවදානමක් ගෙන දෙන්නක් බවත් පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා, ඊට අමතරව රථවාහන අනතුරු සම්බන්ධයෙන් වූ නිවැරදි දත්ත ලබා ගැනීමට පොලීසියට නොහැකි වන බවටද චෝදනා කර සිටියි.
අලගියවන්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම සියලු තත්ත්ව සලකා බලා සෞඛ්‍ය අංශ, ශ්‍රී ලංකා පොලීසියී මෙන්ම රක්ෂණ සමාගම්ද සහභාගී කර ගනිමින් දත්ත පද්ධතියක් සකස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.