සාමුහික වැඩපිළිවෙළක් ඔස්සේ පොදු ගැටලුවලට විසඳුම් සෙවීමට එක්වන ලෙස දුෂ්කරතාවලට මුහුණදී සිටින සියලු රටවලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.
75 වන ජාතික නිදහස් සමරුව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
Read Moreපල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් පැනගිය පුද්ගලයෙකු පල්ලෙකැලේ රයිපල්ගෝ යුධ හමුදා කදවුර අසළ මහවැලි ගඟේ දිගේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස සමරන මෙම අවස්ථාව අතිශය තීරණාත්මක කාලසීමාවක් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් සඳහන කරයි.
Read Moreඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read More(LIVE) ශ්‍රී ලංකාවේ අභිමානවත් 75 වැනි නිදහස් උත්සව දිනය අදට යෙදි තිබේ. මෙහි ප්‍රධාන උත්සවය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී අද පෙරවරුවේ ආරම්භ වීමට නියමිතය.
Read Moreමහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සමග මත ගැටුම් නිර්මාණය වී තිබූ බව කියන එම කොමිෂමේ සාමාජිකයන් දෙදෙනෙක් වෙන මොහාන් සමරනායක මහතා හා බී.යූ.කේ.ඒ වික්‍රමසිංහ මහත්වරු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාරදීම වෙනුවෙන් පසුගිය 02දා මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත සම්බන්ධයෙන් සමාජ මධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින සාවද්‍ය තොරතුරු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.
Read More75 වැනි නිදහස් දින උත්සවය හෙට කොළඹ ගාලුමුවදොරදී පැවැත්වීමට නියමිත හෙයින් මුහුදු බඩ මාර්ගයේ ගමන් කරන දුම්රිය අද මධ්‍යම රාත්‍රී සිට හෙට (4දා) පෙරවරු 11.00 දක්වා කොම්පඤ්ඤ වීදිය හා කොල්ලුපිටිය යන දුම්රිය ස්ථානය වන නොනවත්වා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තව පවසයි.
Read Moreපවතින දුෂ්කරතාවලට සාර්ථකව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට තම රට අඛණ්ඩ මෙන්ම ධනාත්මක කාර්යභාරයක් ඉටුකරන බව චීනය කියාසිටී.
Read Moreවලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව දක්ෂිණ අධිවේගි මාර්ගයේ පැයට කිලෝ මිටර් 149 ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කල පුද්ගලයෙකුට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් 55 000 ක දඩ මුදලක් ගෙවන ලෙස මතුගම මහේස්ත්‍රාත් ඒ.අයි. හෙට්ටියාවත්ත මහත්මිය අද (03දා) නියම කලාය.
Read Moreමෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය යොමුව තිබේ.
Read Moreනිදහස් උත්සවය පැවැත්වෙන කාලය තුළ දී ගාලුමුවදොරට යන මාර්ග අවහිර නොකරන්නැයි ගල්ඔය සිරිධම්ම හිමි, ජෝසප් ස්ටාලින්, දුමින්ද නාගමුව ඇතුළු 27 දෙනකු නම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝගයක් නිකුත් කළේය.
Read Moreමහරගම ඇරැව්වල මාලිගාවත්ත ප්‍රදේශයේදී ජල බිල්පත ලබාදීම සඳහා නිවසකට ගිය අවස්ථාවේදී ආදායම් සහකාර වරයෙකුට පහර දුන් පුද්ගලයා දින හතරක් ගත වීත් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට මහරගම පොලිසිය අපොහොසත් වීමට විරෝධය දක්වමින් අද දහවල් පිලියන්දල මිරිස්වත්ත හංදියේ දී විරෝධතාවයක් පැවැත්වුහ.
Read Moreඉහළ ආර්ථික සමෘද්ධියක් සහිත ගෝලීය ප්‍රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් වූ ශ්‍රී ලංකාවක් සිය වන නිදහස් සැමරුම් දිනය වන විට නිර්මාණය කිරීම උදෙසා අද ගත යුතු පියවර නො බියව ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 75 වන ජාතික නිදහස් දින සමරුව වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
Read Moreනිදහස් දිනය යෙදී ඇති හෙට (4දා) උතුරු නැගෙනහිර ජනතාවට කලු දිනයක් සේ සලකා උතුරු නැගෙනහිර සියලුම වෙළඳසැල් වසා රජයට එරෙහිව හර්තාලයක් ක්‍රියාත්මක කරන ලෙසය යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් නිවේදනයක් මගින් ඉල්ලා සිටියි.
Read Moreනාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධනය කෙරේ. එම උද්‍යාන සංචාරක ආකර්ෂණීය කලාප ලෙස සංවර්ධනය කිරීම මෙහි අරමුණයි.
Read Moreහිටපු කථානායක කරු ජයසූරිය මහතා වෙත ’’ශ්‍රී ලංකාභිමාන්‍ය’’ සම්මානය පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මන්දිරයේ දී අද (03දා) සිදුකර තිබේ.
Read Moreප්‍රවීණ ගේය පද රචකයෙකු වූ තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 64 හැවිරිදි වියේ පසුවිය.
Read Moreඓතිහාසික හල්දුම්මුල්ල සොරගුණේ දේවාලයේ බස්නායක නිලමේ වරයා විසින් සිදුකර ඇතැයි පැවසෙන අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස එම නිලමේවරයාගේ ධුරය තාවකාලිකව තහනම් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන ඇති අතර ඒ අනුව එම දේවාලයට මුද්‍රා තබා ඊට අයත් සියළු දේපළ සමඟ එහි පරිපාලන කටයුතු තම භාරයට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ රත්නපුර ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් පියවර ගෙන ඇත.
Read Moreපාසැල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්පෙති බෙදාහරින පුද්ගලයකු , මත්පෙති 500ක් සමග ඊයේ (02දා) රාත්‍රියේ, මොණරාගල කචිචෙිරිය හංදිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව මොණරාගල පොලිසිය පවසයි.
Read Moreදිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත්ව දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බවත් අද දිනයේ සිට දිවයිනේ කාලගුණයට ඉන් එල්ලවන බලපෑම අඩුවනු ඇති බවත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreව්‍යාජ ලිපි ලේඛන හා ව්‍යාජ අංක තහඩු සකසා අලවි කරණ ලද ,යතුරුපැදි අටක් සමග සැකකරුවෙකු ,නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිස් අධිකාරි කාර්යාලය පවසයි
Read More2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය මේ මස 22, 23 සහ 24 යන දිනවල පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
Read Moreදකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (03දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
Read Moreරට විනාශ කළේ රාජපක්ෂලා බවත් රාජපක්ෂලා බලයට ගෙන ඒම සඳහා ගෙන්ගෙට ගිය රතු මල්ලිලාට හොරු ඇල්ලීමේ කිසිදු අවශ්‍ය තාවයක් නොමැති බවත් සමගි ජනබල බලවේගය බලයට පත්වූ වහාම රාජපක්ෂලා සොරකම් කළ සියලු දේ හෙළි කොට ඔවුන් නීතියේ රැහැනට හසු කර දී රජයජයේ මුදල් සියල්ල නැවත ලබාගැනීම සඳහා අවශ්‍ය අණපනත් සම්පාදනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (02දා) දඹුල්ලේ දී පැවසීය.
Read Moreකොළඹ විශ්‍රාමික අගරදගුරු, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති ඔස්වල්ඩ් ගෝමිස් අගදගුරුතුමෝ ස්වර්ගස්ථ වූහ.
Read Moreශ්‍රී ලංකාවේ 75 වන නිදහස් උත්සවය සැමරීමේ උළෙලට සහභාගී වීම සදහා විදේශ අමාත්‍යවරුන් , තානාපතිවරුන් සහ රාජ්‍ය දූත කණ්ඩායම් රාශියක් මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ඉල්ලා ඇති විස්තීර්ණ මූල්‍ය පහසුකම ලබාගැනීමට අදාළව පැරිස් සමාජයේ ණය හිමි රටවලින් අපේක්ෂා කරන මූල්‍ය සහතිකය කඩිනමින් ප්‍රකාශයට පත්කෙරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමේ දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපා ඇති කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවට හානි සිදුවී තිබේ. අස්වනු නෙලීමට ආසන්නව පැවැති වී වගාවන් දින තුන හතරක් ජලයෙන් යට වී තිබීම නිසා එම වී ගොයමෙහි ම පැළ වීමේ තත්ත්වයක් මතුව ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
Read More