උණුවතුර බොයිලේරුවකට ඇදවැටී ඉන්දියන් ජාතිකයෙකු අද (30) මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වැලිපැන්න , මීගම ප්රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කල ජේ. රාජ්බායී නමැති 34 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති පුද්ගලයා එදින අළුයම 3.40 ට පමණ මීගම දර්ගා නගරය ප්රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී උණුවතුර බොයිලේරුවකට ඇදවැටී රෝහ ගතකර ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සදහන් වේ.
වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය