මෙරට කිරි අවශ්‍යතාවෙන් 60%ක් ආනයනය කරන අතර දේශීයව නිපදවනු ලබන්නේ සියයට 40%ක් පමණක් වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේවැඩි කිරි ප්‍රමාණයක් නිපදවාගත හැකි තාක්ෂණය ගොවීන්ට නොලැබීමහාවැඩි කිරි ප්‍රමාණයක් නිපදවිය හැකි ගව විශේෂයක් මෙරට තුළ නොසිටීම මීට ප්‍රධාන හේතූන් වී ඇති බවයි.
මේ අතර මෙරට දේශගුණයට ගැළපෙන ගවයින් හා එළු විශේෂ 02ක් හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පසුගියදා උපදෙස් දී තිබිණි.
ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙරට පශු සම්පත් අංශ විසින් මීට වසර05කට පමණ පෙර මෙවැනි පර්යේෂණයක් ආරම්භ කළේ නම් මෙරටට ගැළපෙන ගවයින් හා එළුවන් විශේෂ මේ වනවිටද බිහිකර ගැනීමට හැකියාව තිබූ බවයි.