ජර්මන් ජාතික සංචාරක නියෝජිතයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ශ්‍රී ලංකාවේ දින 07 ක අධ්‍යයන චාරිකාවක් සදහා අද (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
2023 ඉදිරි යල කන්නයේ වී වගාව හා බඩඉරිගු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.
Read Moreඑංගලන්ත පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩක හුවමාරුවකදි වාර්තා වූ ඉහළම ලංසුවට හිමිකරුවා වීමට ආර්ජන්ටිනාවේ යොවුන් ක්‍රීඩක එන්සො ෆර්නැන්ඩේස් සමත්විය.
Read Moreපළාත් පාලන මැතිවරණය මාර්තු 9 වනදා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. ඒ ඒ දිස්ත්‍රික්කය භාර තේරීම්භාර නිලධාරීන් විසින් මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
Read Moreසෑම රාජ්‍ය අයතනයකම සේවක සංඛ්‍යාව අඩු කිරීම වෙනුවෙන් මේ දිනවල කටයුතු කරමින් පවතින බවත් කාර්ය භාරයක් නොමැති සේවකයන් වෙනුවෙන් ස්වයං විශ්‍රාම යාමේ ක්‍රමයක් සකස් කිරිමට කටයුතු කරමින් තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read More2022 සැප්තැම්බර් මාසයෙන් පසු කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය අඛණ්ඩව පහළ ගිය සිව්වැනි මාසය ලෙස ජනවාරි මාසය සැලකෙයි.
Read Moreපාසල් පෝෂණ වැඩසටහනේ ආහාර සැපයුම්කරුවන්ට ගෙවීමට තිබූ සියලුම හිඟ මුදල් ගෙවා දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreවත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ජනවරමක් නොමැති බවත් ඔහුට තිබෙන්නේ හැටනව ලක්ෂයේ ජනවරම ඉදිරියට ගෙන යාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඇතුළු පිරිසක් අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් ඇතුළු සංඝ සභාවට දැනුම් දුන්නේය.
Read Moreආර්ථික මධ්‍යස්ථානවල තිබෙන වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් මුල් අයිතිකරුවන් විසින් විවිධ පුද්ගලයින්ට අතුරු බදු දී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන බාරව කටයුතු කරන නිලධාරින් හා වෙළෙද සංගම් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.
Read Moreමෙහි වර්ග අඩි 678 ක නිවසක් (කාමර 2) රුපියල් ලක්ෂ 85 කි. වර්ග අඩි 850 ක නිවසක් (කාමර 3) රුපියල් ලක්ෂ 107 ක් වන අතර වර්ග අඩි 880 ක නිවසක් (කාමර 3) රුපියල් ලක්ෂ 111 කි. රාජ්‍ය සේවකයින් සදහා මෙහි නිවාස ලබා දී ඇත්තේ එකවර රුපියල් ලක්ෂ 10 ක් ලබා ගෙන ඉතිරි මුදල වසර 3 කින් ගෙවා අවසන් කිරීමේ පදනම යටතේයි.
Read Moreපිපිරීමෙන් දිවි ගලවා ගත් පොලිස් නිලධාරියෙකු වන නසරුල්ලා ඛාන් පැවසුවේ කළු දූවිලි වළාවකට පෙර විශාල ගිනිදැල් පිපිරීමක් දුටු බව තමාට මතක බවය.
Read Moreමාර්තු 09දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත්වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreබංග්ලාදේශයට ඩොලර් බිලියන 4.7 ක ණයක් නිදහස් කිරීම වහාම ආරම්භ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය ලබා දී තිබේ. ආර්ථික ගැටලු මධ්‍යයේ පසුගිය වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය සහාය ඉල්ලා සිටි රටවල් තුන අතරින් පළමුවෙන්ම අරමුදල් ලබා ගන්නා රට බවට මේ අනුව බංග්ලාදේශය පත්වෙයි.
Read Moreරටක් ලෙස දරණ වියදම් ප්‍රමාණය සැලකීමේදී වසරකට වරක් පවත්වන නිදහස් දිනය වෙනුවෙන් රජය දරන්නේ ඉතා සුළු වියදමක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු මුරලි විජේ අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.
Read Moreශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් උපයන යූටියුබ් නාළිකාව බවට ‘අපේ අම්මා’ යූටියුබ් නාළිකාව බවට පත්ව ඇතිබව ඇමෙරිකාවේ සූපශාස්ත්‍ර CashnetUSA.com වෙබ් අඩවිය පවසයි.
Read Moreඅංක 5 ජෙට් ප්‍රහාරක බලඝණය 1991 වසරේ පෙබරවාරි මස 1 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිහ්රයේදී FT-05 ජෙට් පුහුණු ගුවන් යානාවන් දෙකකින් සමන්විතව ආරම්භ කරන ලදි.
Read Moreමාසික ආදායම රුපියල් 45000 ඉක්මවන සියලුම දෙනාගෙන් බදු අයකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලින් තීරණය කර තිබුණ බව එම සාකච්ඡා සඳහා ඒක්වූ අය ප්‍රකාශ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්දන මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ව්‍යවසායකයින් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා තීන්දුව ලබා දුන්නේය.
Read Moreස්ත්‍රී දූෂණ නඩුවක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයක් සමථයකට පත් කිරීමට සහ වරෙන්තුවක් ක්‍රියාත්මක නොකර සිටීමට පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලසක් ලබාගත් බවට සැකපිට මැදවච්චිය පොලීසියේ සැරයන්වරයෙකු අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අද (31දා) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය
Read Moreදැනට රජයේ ආදායම 2023 ජනවාරි මාසය සඳහා වන මාසික වියදමට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බැවින් රජයේ වියදම් තවදුරටත් සීමා කරගත යුතු බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩල සටහනක් තබමින් පෙන්වා දී තිබේ.
Read Moreකුලියාපිටිය මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් නව දෙමුහුන් ඇන්තූරියම් විශේෂ 44ක් හා අන්නාසි ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබේ.
Read Moreපාසල් නිල ඇඳුම් නියමිත කාලයේදී ලබාදෙන බවත් එම නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 70% ක් පමණ ප්‍රමාණයක් චීන ජනරජයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන අතර එහි පළමු තොගය මේ වන විටත් ලංකාවට ලැබී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවන් වූ චන්දික හතුරුසිංහ හා මිකී ආතර්ට ඔවුන් ඊට පෙර ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කළ කණ්ඩායම් වලම තනතුරු ලැබීමට නියමිත බව වාර්තා වේ.
Read More’’මම දන්නා පරිදි කතෝලික ජනතාවට කිසිසේත්ම මම ගැන වෛරයක් හෝ ක්‍රෝධයක් නෑ. අවුරුදු 15-16 මම බයිබලය කියවපු විදිහට විශේෂයෙන්ම මගේ පාලන කාලය තුළ මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා ඒ වැරැද්ද නිසා මට අද වන්දි ගෙවන්න සිදුවෙලා තිබීම පිළිබඳවත් ප්‍රධාන වශයෙන්ම මියගිය ජනතාව හා අත්පා කැඩිලා එකතැන් වෙලා සිටින ජනතාව වෙනුවෙනුත් මම දෙවියන්වහන්සේ වෙනුවෙනුත් මගේ කාලයේ එවැනි සිදුවීමක් වීම පිළිබදව මම සමාව ඉල්ලා සිටිනවා.
Read More’’මම මේ කිසි දේකින පස්සට යන මිනිහෙක් නෙමෙයි. මොන කුමන්ත්‍රණ කළත් මම බය වෙන්නෙ නෑ. මම නීතියට ගරු කරනවා, අධිකරණයට හිස නමනවා. හැබැයි නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය කියවපු මිනිහෙක්. මේ මොන දෙ තිබුණත් මම මගේ පක්ෂයේ සහයෝගය අරගෙන ඉදිරි ජනපතිවරණයට තරග කරන බව මම කියනවා.’’
Read Moreමැතිවරණය ගැන හෝ මැතිවරණ කල් දැමීමක් ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්නොවූ බවත් මැතිවරණය කල් දමන උපාය මාර්ග ගන්නා ලෙස ජනපතිවරයා ජනපති මාධ්‍ය අංශයට උදෙස් දී නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
Read Moreකැස්බෑව ප්‍රදේශයේ තෙමහල් හෝටලයක ඉහළ කොටසේ සිට බිමට වැටී අද (31දා) අළුයම හෝටලයේ මුදල් අයකැමි වරයා මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය සඳහන් කරයි.
Read Moreපූනෑව නාවික හමුදා කඳවුරේ කැප්ටන් වරයෙකු ලෙස ව්‍යාජ රංගනයක යෙදී, කදවුර තුළ ඇති ඩීසල් සහ එන්ජින් ඔයිල් තොගයක් අඩු මිලට දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ විස්සක් රැගෙන පලා ගිය සැකකරුවන් දෙදෙනකු ඊයේ (30 දා) දහවල් අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය පවසයි.
Read More