ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ලබන මස 3 වැනිදා අඟහරුවාදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසිනි.
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවද එහි ඇතැම් වගන්ති වලට විපක්ෂයෙන් එල්ල කෙරුණු චෝදනා හේතුවෙන් පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා ඉවත් කරගනු ලැබීය.
ලබන 3 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ එසේ සංශෝධනය කෙරුණු පනත් කෙටුම්පතයි.
ත්‍රස්ත විරෝධී පනතේ 5(1) 3 වැනි වගන්තිය යටතේ වරදක් කරනු ලබන, අනුබල දෙනු ලබන වූ කුමන්ත්‍රණ කරනු ලබන හෝ පුද්ගලයකු මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට අවුරුදු පහළොවක් නොඉක්මන කාලසීමාවක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරිමකට සහ රුපියල් ලක්ෂ 10 ක දඩයකට යටත් විය යුතු බව ත්‍රස්ත විරෝධී පනතේ දැක්වේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වෙනම කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු බව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ සඳහන් වේ.
තොරතුරු තාක්ෂණය නීතිය පාලනය සමාජ සේවා සමාජසේවා පුවත්පත් කලාව විද්‍යාව සහ තාක්ෂණය හෝ කළමනාකරණය යනු ක්ෂේත්‍ර එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් සුදුසුකම් සහ පළපුරුද්ද සහිත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් පස් දෙනකුගෙන් කොමිෂන් සභාව සමන්විත විය යුතු බවද එහි දැක්වේ.
රට තුළ එදිරිවාදී සහ වෛරය හැඟීම් ප්‍රවර්ධනය කරන අයකු වරදකරු කරනු ලැබූ විට වසර පහක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට යටත් විය යුතු අතර දෙවැනි වරට වරදකරු කරනු ලැබූ විට ඒ බන්ධනාගාර ගත කිරීමේ කාලය හෝ දඩය හෝ ඒ බන්ධනාගාර ගත කිරීම සහ දඩ යන දඬුවම් දෙකම හෝ දෙගුණයක් කරනු ලැබිය හැකි බව සඳහන් වේ.
අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට අවුරුදු පහක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ ඒ බන්ධනාගාර ගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකකටම යටත් විය යුතු බවද සඳහන් වේ