විදේශ රැකියා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙර ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳ පොළ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුවිය යුතු බවත් එහි දී වැඩි වේතනයක් ආදායමක් ලැබෙන රැකියා ක්ෂේත්රය හදුනා ගත යුතු බවත් ඒ අනුව ඊට අදාල සුදුසුකම් සහිත ශ්‍රමිකයන් නිර්මාණය කිරීම රජයේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විදේශ ශ්‍රම වෙලෙදපොළ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවලට අද එක් වෙමිනි.
ඒ සදහා විද්‍යාත්මක දත්ත කේන්ද්‍රීය පරීක්ෂණයක් සිදුවිය යුතු බවත් එහිදි ජාත්‍යන්තර ශ්‍රම වෙලෙදපොලේ අවශ්‍යතා හදුනා ගෙන ඊට අදාලව මෙරට ශ්‍රමිකයන් සූදානම් කල යුතුබවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම අප රටට ගැලපෙන විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් විය යුතු බවත් ඒ සදහා සියලුම වගකිව යුතු පාර්ශ්ව එකට එකතු කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය. තවද විදේශ ගත වන ශ්‍රමිකයන් නියමිත කාලයෙන් පසු නැවත රටට පැමිණිමේදී ඔවුන්ට සතුටින් ජීවත් විය හැකි පරිසරයක් සහිත රටක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.