saravita-anim2

2025 ජුලි මස 27 වන ඉරිදා

2025 ජුලි මස 27 වන ඉරිදා

Latest News - timelapse 3953 hours ago

LATEST

වර්ෂාවෙන් හානි වූ වී අස්වැන්න සත්ව ආහාරයට අලෙවි කිරීමට අවස්ථාව ඉල්ලයි

calendar_today 2023 පෙබ 02 - 20:50 remove_red_eye - 244  

මේ දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපා ඇති කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවට හානි සිදුවී තිබේ. අස්වනු නෙලීමට ආසන්නව පැවැති වී වගාවන් දින තුන හතරක් ජලයෙන් යට වී තිබීම නිසා එම වී ගොයමෙහි ම පැළ වීමේ තත්ත්වයක් මතුව ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

මේ වන විට වාරාවසාන කර ඇති පාර්ලිමේන්තු සැසිවාරය යළිත් ආරම්භ කිරීමේ උත්සවය සරලව හා චාම් අයුරින් සංවිධානය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

Read More

මීට පෙර වාර්තා වූ අගයට වඩා වැඩි ගණනකින් ලිට්‍රෝ සමාගම සිය ගෑස් මිල ඉහළ දැමීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 - 800 ත් අතර මුදලකින් ඉහළ යෑමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන තෙක් අරගලය අඛණ්ඩව සිදුකරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගෙ පවසයි.

Read More

එළැඹෙන සති අන්තයේදී මත්පැන් සිල්ලරට විකුණන ස්ථාන දිවයින පුරා වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවති පළමු නිළනොවන සිව්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ද්විත්ව ශතකයක් වාර්තා කලේය.

Read More

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

Read More

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට නියෝග කරන්නැයි ඉල්ලමින් එම සභාවේම මන්ත්‍රීවරුන් තිදෙනෙකු එක්ව ගොනු කරන ලද පෙත්සමක් නිශ්ප්‍රභ කරන ලෙසට ඉල්ලා ගොනු කරන ලද මූලික විරෝධතාවයක් විභාගයට ගැනීම කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා ඊයේ (1) ප්‍රතික්ෂේප කළේය.

Read More

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරන තුරු කිසිු ආකාරයක විදුලිය කප්පාදුවක් නොකරන බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (020) පොරොන්දු විය.

Read More

දින කීපයක සිට අබිරහස් ලෙස අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ මළසිරුර ඔහුට අයත් තලංගම පැලවත්ත එන්. ඩි. එච්. පුර සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ තිබී හමුවූ බව තලංගම පොලිසිය කියයි.

Read More

උතුරු පළාතේ ආරක්ෂක අංශ යටතේ පවතින ඉඩම් අක්කර 108ක් ඒ්වායේ මුල් පදිංචිකරුවන් වෙත හෙට දිනයේදී ලබාදීමට නියමිතව තිබේ. ඒ් අනුව එම ඉඩම් අක්කර 108ක් පවුල් 197ක් වෙත බෙදාදීමට නියමිතය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

Read More

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීමේ අදහසින් ඔලිම්පික් රිදී පදක්කම්ලාබී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හි උපදේශන හා සංවර්ධන උපදේශකයෙකු ලෙසින් පත්කොට ඇත.

Read More

මේ තිරපටේ තිබුුණේ මෙහෙම දෙයක් නෙමෙයි. හැකිනම් අපිව ඝාතනය කරන්න. ඓහෙම නැත්නම් අපිව වසර ගණනාවකට හිරේ දාන්න. හැබැයි ජනතාව කරපු මැදිහත්වීම ඇතුළේ මෙන්ම අධිකරණය ගෙන ආ තීන්දුව ඇතුළේ අපිව නිදහස් කළා.

Read More

මම කතෝලික සභාවෙන් සමාව ඉලලුවේ නෑ. කතෝලික ජනතාවයි කතෝලික සභාවයි කියන්නේ දෙගොල්ලක්. මේ රටේ කතෝලික තියෙනවා. ක්‍රිස්තියානි තියෙනවා. මූලධර්ම වාදය තියෙනවා. බෝර්න් අගෙන් තියෙනවා. ඒ ඔක්කොම එකතුකළාම ලක්ෂ විස්සක් විතර ඉන්නවා. ඔය ලක්ෂ විස්සෙන් මට නඩු දාලා තියෙන පාර්ශ්වය ඉන්නේ ලක්ෂ 10ක් විතර.

Read More

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කරන බවත් කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට සහන සැලසීම මෙහි අරමුණ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියයි.

Read More

එහිදී ඔවුන් ’ජීවන බර අහස උසට, දරුවො හඩයි බඩගින්නට, තිබුණ වැටුප ලෙවකන්නට, රනිල් කෙළියා නැතිවෙන්නට’ යනාදී සටන් පාඨ කියමින් දහවල් ආහාර නොගෙන උද්ඝෝෂණයේ නිරත වූහ .

Read More

75 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් වසා තැබෙන මාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ඉංග්‍රීසි භාෂාවෙන් Slave Island ලෙස හැදින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤවීදිය” ලෙස භාවිතා කිරීමට අදාලව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

Read More

රටේ ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (02) පෙරවරුවේ බාර දී තිබේ.

Read More

75 වැනි නිදහස් උලෙලේ පුහුණුවීමට කටයුතු සදහා යමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් රැගත් බස්රථ 3 ක් එකිනෙක ගැටීමෙන් 9 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පානදුර පොලිසිය කියයි.

Read More

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහායිකාවක ලෙස සේවය කරන කාන්තාවක් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට පත්වී ඇත. ඊයේ (01දා) කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද (02දා) අළුයම් කාළයේදී නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රාත්‍රි කාලයේ නිවසක් අසළ නවතා තිබූ ත්‍රිරෝද රියක බැටරිය සොරකම් කිරීමට උත්සාහ කළ බවට සැකපිට හාලිඇල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පුද්ගලයන් දෙදෙනෙකු අද (03) දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Read More

බංකොලොත් වු විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් අද වන විට පළාත් පාලන මැතිවරණය පිළිබදව වහසිබස් දොඩමින් සිටින බවත් ආණ්ඩුවක් ලෙස ඕනෑම වේලාවක මැතිවරණයනට ලැස්ති බවත් ක්‍රිඩා හා ‍‍යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

Read More

පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් පසුගිය ජනවාරි මාසය තුල , පාරිභෝගිකයින් මුලාවට ලක්කරමින් වෙළඳාම් කළ වෙළඳසල් 122 කට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගනු ලැබූ බව විමර්ශන ඒකකය පවසයි.

Read More

යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශයේ පැවැති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින්පෙ දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400කි.

Read More

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. වියළි මිරිස්, ලොකු ළුණූ, දේශීය රතු කැකුළු, පාන්පිටි යන භාණ්ඩවර්ග මිල අඩුකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.