අවසරයකින් තොරව අවාරයේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිම සපුරා තහනම් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අද (30දා) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය.
2022-2023 ශ්‍රි පාද වන්දනා සමග අවසන් විමත් සමග ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි අවාරයේ ශ්‍රි පාදස්ථානය හැටන් මාර්ගය ඔස්සේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ අවසරයකින් තොරව කරුණා කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබියදි ඇතැම් මාධ්‍යයන් වල ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් විසින් අවසර ලබා දි ඇති බවට පල වු පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.
අවාරයේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමේදි අදාල ආයතනවලින් අවසර ලබාගෙන ඒ පිලිබදව නල්ලතන්නිය සහ රත්නපුර පොලිස් ස්ථාන දැනුවත් කර අවාරයේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවස්තාව ලැබෙන බවත්, එසේ අවසරයකින් තොරව ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර ලබා නොදෙන ලෙස නල්ලතන්නිය සහ රත්නපුර පොලිසිය දැනුවත් කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.
මේ දිනවල ශ්‍රි පාදස්ථාන මළුව ප්‍රදේශයට කඩින් කඩ අධික වර්ෂාව පතිත වන නිසා ශ්‍රි පාදස්ථානයට පිවිසෙන පියගැටපෙල දිගේ අධික ජල ධාරිතාවක් පහලට ගලා බසින නිසා ශ්‍රි පාදස්ථානය කරුණා කිරිම අවධානම් බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසිය.
