saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3690 hours ago

LATEST

ත්‍රිරෝද රථ ගාස්තු අඩු කළ හැක්කේ රුපියලකින්

calendar_today 2023 ජුනි 01 - 20:25 remove_red_eye - 242  

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු වුවත්,ත්‍රිරෝද රථ ගාස්තුව කිසිදු මුදලකින් අඩු නොකරන බව ත්‍රිරෝදරථ රියදුරන්ගේවෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේය.

බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200 ක මූල්‍ය පහසුකම මේ වසරේ අගෝස්තු - සැප්තැම්බර් අතර කාලයේදී ආපසු ගෙවීමට හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන මූල්‍ය අර්බුදයෙන් ක්‍රමයෙන් ගොඩ එමින් පවතින බවත් ඒ අනුව පොලි අනුපාත පහළ යාම ඉදිරියේදීත් සිදුවෙනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

Read More

හිටපු අමාත්‍ය විමිල් වීරවංශ 9 සැඟවුණ කථාන නැමැති ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවේ තමාගේ කීර්තනාමයට හානි වන අයුරින් ප්‍රකාශ කර ඇති බවත් එයට වන්දි මුදලක් ගෙවන ලෙසත් ඉල්ලමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තම නීතිඥයින් මගින් වීරවංශ මහතාට එන්තරවාසියක් යොමුකර තිබේ.

Read More

මෙවර පොසොන් උත්සවයට රුපියල් ලක්ෂ 288 ක මුදලක් රජයෙන් දුන් බවට ජනාධිපති මාධ්‍ය අංශය කළ ප්‍රකාශය අසත්‍ය බව මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

Read More

දකුණු අප්‍රිකානු ’’ ඒ ’’ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.

Read More

හෙද සේවාව සඳහා සිසු හෙද හෙදියන් 3316 දෙනෙකු කඩිනමින් බඳවා ගැනීම සඳහා දිවයින පුරා සියළු හෙද පුහුණු විද්‍යාලයන්හි පහසුකම් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (30) අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.

Read More

ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ගමනට තවත් ව්‍යාපෘතියක් රජය ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව විකාශන නියාමන පනත හරහා විකාශන නියාමන කොමිසමක් ස්ථාපිත කර රටේ මාධ්‍ය මර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය මංකොල්ල කෑමට රජය නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

වී වගාව තුළ ගොඩවෙල්ලා හෙවත් Spodoptera දළඹු හානිය මේ වනවිට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබේ.

Read More

අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට මුදල් නොතිබීම හේතුවෙන් 50 හැවිරිදි බිරිද මිය ගිය පසු හොර රහසේම 39 හැවිරිදි සැමියා එදිනම රාත්‍රියේම ගේ පිටුපසු වලක් කපා බිරිද වල දමා ඇති බවත් එම මරණය නිත්‍යාණුකූලව සිදු කර නොමැති වීම හේතුවෙන් එම ස්වාමියා සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගත් බවත් මැදවච්චිය පොලිසිය කියයි.

Read More

ලංකා සතොස මගින් අලෙවි කරන භාණ්ඩ වර්ග 6ක මිල පහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව පාන්පිටි, ලොකු ලූණු, රතු පරිප්පු, සුදු සීනි, කඩල හා දේශීය සුදු නාඩු මිල මෙසේ අඩුකර තිබේ.මෙම භාණ්ඩ මිල අඩුකිරීම අද (01දා) සිට දිවයින පුරා පිහිටි ලංකා සතොස් අලෙවි සැල් හරහා ක්‍රියාත්මක බව සතොස් නිවේදනය කරයි.

Read More

දිවයිනේ ගංඟාවක් මත ඉදිකල ප්‍රථම තොරණ රත්නපුර මුවගම කළුගඟ හරහා ඉදිකර ඇත.

Read More

දැනට පවතින තොරතුරු අනුව, උද්ධමනය අඩුවීමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, මින් පෙර පැවති පුරෝකථනයන්ට වඩා වැඩි වේගයකින් උද්ධමනය අඩු වී 2023 වසරේ තුන්වන කාර්තුව වන විට තනි අගයක මට්ටමට ලඟා වනු ඇතැයි මහ බැංකුව නිවේදනය කරයි.

Read More

ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඊයේ (31දා) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික පිළිවෙලින් සියයට 13 දක්වා සහ සියයට 14 දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා (Kenji Okamura) මහතා අතර හමුවක් අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන වෘත්තීයවේදීන්, ව්‍යාපාර ලියාපදිංචි කර ඇති තැනැත්තන් අතුළුව වසරකට රුපියල් ලක්ෂ 12කට වඩා වැඩි ආදායමක් ලබන සියලුම තැනැත්තන් අද (01දා) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Read More

රාජ්‍ය අංශය අනුග්‍රහයෙන් ආරම්භ කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම Potato Chips කර්මාන්ත ශාලාවේ අත්හදා බැලීමේ පර්යේෂණ මේ වනවිට සාර්ථක වී තිබේ.

Read More

2023 වසරේ රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා පුද බිම මූලික කර ගනිමින් පැවැත්වෙන පොසොන් වැඩසටහන් සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බව පවසමින් විවිධ පාර්ශ්වයන් චෝදනා එල්ල කරමින් පවතී.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (1දා) අලුයම ගල්පර්වත සමඟ පස්කන්දක් ගස්කොළන් කඩා වැටීමෙන් බදුල්ල - කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකිකයින් දොලොස් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.

Read More

පොසෙන් උත්සව වෙනුවෙන් අනුරාධපුරයට හා හෝමාගම නගරයට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බවත්, මෙම සේවා හෙට (02දා) දින සිට (05දා) වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ සමාගම නෝර්ත් සී සමාගම සීමා සහිත ශ්‍රී ලංක ත්‍රීපෝෂ සමාගම ගල් ඔය වැවිලි පුද්ගලික සමාගම ජාතික ලුණු සමාගම ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පරන්තන් කෙමිකල්ස් සමාගම සීමාසහිත බී.සී.සී. සමාගම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය සීමාසහිත ලංකා ජනරල් ට්‍රේඩින් සමාගම

Read More

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් 92 රුපියල් 15කින් අඩු කර ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 318ක් වන අතර ලංකා පෙට්‍රල් 95 රුපියල් 20කින් ඉහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල 385කි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලෙහි සාධනීයත්වය IMF නියෝජ්‍ය කළමණාකරණ අධ්‍යක්ෂක කෙන්ජි ඔකමුරා මහතා ඇගයීමට ලක් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

Read More

වසර 22කට පෙර සිය 13 හැවිරිදි දියණියව අපයෝජනය කර ගැබිණියක කල පියෙකුට වසර 45 බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 30,000/=ක දඩයක් හා අගතියටපත් දරුයට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය ඊයේ (30) සවස නියම කෙරුණි.

Read More

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් සහ එරට ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය එක්ව 35 වැනි වරටත් සංවිධානය කළ වෙසක් උත්සවය මැයි මස 25 සහ 26 දෙදින තුල කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු වෙහෙය වූ පුද්ගලයා (31) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය පවසයි.

Read More

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ඔස්ට්‍රේලියාවේ ටිම් ඩේවිඩ් හා දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙකු වන ට්‍රිස්ටන් ස්ටබ්ස් හා ඩිවල් බ්‍රේව්ස් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දකුණු ඉන්දියාවේ ලෝක ප්‍රකට නළුවෙකු වන ‘සුපර් ස්ටාර්’ රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාව ආරාධනා කර තිබේ.

Read More

මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.