saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3673 hours ago

LATEST

මූල්ය් වංචා රාශියකට චෝදනා ලැබූවෙකු අත්අඩංගුවට

calendar_today 2023 ජුනි 05 - 18:20 remove_red_eye - 248  

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා මුදල් වංචා කළ සැකකරුවෙකු දරකතන 8ක් සහ සිම්පත් 73ක් සමග ගම්පහ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.

විකාශන අධිකාරී පනතට එරෙහි වීමට විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීන්දු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

කලුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

Read More

සිය එකොළොස් හැවිරිදි දියණියට බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමට වරදකරුවකු වූ එම දියණියගේ පියාට බරපතල වැඩසහිත වසර 110 ක සිර දඩුවමක් හා රුපියල් ලක්ෂ හයක වන්දි මුදලක් සහ රුපියල් අසූ දහසක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද (5) පස්වරුවේදී නියෝග කළේය.

Read More

සේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාකාරිත්වය ක්‍රමානුකූල කිරීම සඳහා ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥයින් කමිටුවට කැඳවීමට උපදෙස් ඇතැම් රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්ව ගෙවා නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව අනාවරණය කරයි

Read More

මේ වන විට මෙම ප්‍රදේශයන් තුල මඤ්ඤාක්කා හා කොස් මදුළු කිලෝව රුපියල් 200ත් 250ත් අතර මිලකට අලෙවි වන අතර බෝංචි කිලෝව රුපියල් 550ත් 600ත්, බිට්, කැරට්, කිලෝව රුපියල් 400ත් 450ත්, ලික්ස් කිලෝව රුපියල් 440ත් 460ත්, වම්බටු, මෑකරල්, කරවිල, කිලෝව රුපියල් 480ත් 500ත්, අළු කෙසල් කිලෝව රුපියල් 360ත් 380ත්, ගෙඩි ගෝවා කිලෝව රුපියල් 400ත් 440ත්, අමු මිරිස් කිලෝව රුපියල් 550ත් 600ත් අතර මිලකට අලෙවි වෙයි.

Read More

අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැර උත්සවයට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී පූසාරි වරයෙකුගේ සිරුරට හදිස්සියේම ගිනි ඇවිලේ මෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය කියයි.

Read More

එහෙත් ඉකුත් 05/23 දින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා රුපියල් කෝටි 08 ක් වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ විට , ඔහුට එම වටිනාකමෙන් 10% ක ප්‍රමාණයක් , එනම් හැත්තෑ පන් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළ රේගු නිලධාරීන් , මෙවර ඒ හා සමාන වටිනාකමකින් යුතු රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ප්‍රංශ ජාතිකයෙකුට රුපියල් කෝටි 07 ක , එනම් රැගෙන ආ භාණ්ඩ තොගයේ වටිනාකමට 100% සමාන වන ආකාරයට දඩ මුදලක් නියම කිරීම පිළිබඳ

Read More

ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සදහා ලබා දීමට සැලසුම් කෙරේ. ඒ සම්බන්ධයෙන් විදේශ ආයෝජකයින් සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා සමූපකාර රක්ෂණ සමාගමේ සභාපති තනතුරේ වැඩ භාර ගැනීමට යමින් සිටි පුද්ගලයෙකුට පාදුක්ක වල්පිට තිසර උයන ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (05) දා උදෑසන වෙඩි තබා පළා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි

Read More

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, 2023 ජුනි මස 04 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

Read More

සංචාරක කර්මාන්තය තුළින් ශ්‍රී ලංකාව මේ වසරේ මේ දක්වා ඉපයූ අවම ආදායම මැයි මාසයේදී වාර්තා වි තිබේ. මැයි මාසයේදී ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණ්‍ය 83,309 ක් වූ අතර එයින් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 131.5 කි.

Read More

රජයේ භෞමික සැලැස්මේ දැක්වෙන ආකාරයට 2030දී කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවෙල්ල සිට හම්බන්තොට දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති බව එම ලිපියෙන් පෙන්වා දෙයි.

Read More

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගි⁣ල්ලේ තෙවන මහලේ පුටුවක් මත මියගොස් සිටි පුද්ල යකුගේ මළ සිරුරක් අද (4) පෙරවරු⁣වේ හමු වූ බව තලංගම පොලිසිය කියයි

Read More

මහරගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙක් බීමත්ව පැදවූ මෝටර් රථයක් බත්තරමුල්ල ප්‍රදේශයේ දී මෝටර්ව රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරු මියගොස්න ඇතැයි පොලිසිය පවසයි

Read More

බුදුන් වහන්සේ පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ෆාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දූ දරුවන් පිරිස ඉකුත් 06/02 දින රාත්‍රී සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය .

Read More

බම්බලපිටිය, ෆොන්සේකා පෙදෙසේදී ගුවන් හමුදා සෙබලෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි නසාගෙන ඇතැයි පොලිසිය කියයි.

Read More

යුද්ධ හමුදාව වර්ථමානයේ නවීන හා විද්‍යාත්මක පිළිවෙත් අනුගමනය කරමින් පළමු වරට ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණය අවට ඇති අක්කර 8.5 ක වගාවක් වෙනුවෙන් කෘමිනාශක සහ වල්නාශක ඉසීම සිදු කරන ලදි.

Read More

ඇත්තටම ඒ ගුවන්යානයෙහි සෙනඟ පිරිලා ඉන්න ඇති.මෙතනදි යමෙකුට පොඩි වැරැද්දක් වෙන්න ඇති. එතරම් ගණන් ගත යුතු දෙයක් නෙමෙයි. ඒ නිසා, කරුණාකරලා මට ගුවන්යානය මඟ හැරුණු එක ගැන සොයා බලනවාට වඩා, වඩ වඩාත් ’’ සමාවදීම’’ යන කරුණ මුල් කරගෙන රට පාලනය යහපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමු කරන්න කියලා කාරුණිකව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

Read More

පැෆරල් ආයතනයේ සභාපති එන්. නව්සාඩ් මහතා පදිංචි කොල්ලුපිටිය ස්කොපිඩිල් පෙදෙසේ පිහිටි නිවසට හොරු පැන රුපියල් ලක්ෂ 7කට අධික වටිනා රන් බඩු සහ ඔරලෝසු තුනක් සොරාගෙන ගොස් ඇති බවට කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි ලැබී ඇත.

Read More

කඩවත පිහිටි ආයුර්වේද ස්පා(සම්බාහන) ආයතනයක කටයුතු සඳහා නීතියානුකූලව කටයුතු නොකිරීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගැනීමට තැත් කළ හිටපු පොලිස් පරීක්ෂක පරීක්ෂකවරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන් කිහිප දෙනෙකු අතර වූ උණුසුම් තත්වය පිළිබඳ වාර්ථාවක් විෂයභාර අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉල්ලා ඇත.

Read More

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රි කුමාර් පොන්නම්බලම් මහතා යාපන මර්දන්කර්නි පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දීමට තැත්කිරීම සම්බන්ධයෙන් එහි දී ඇති වු සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වර්තාවක් කැඳවා ඇත.

Read More

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කරමින් ඉකුත් 2022 වසර තුළ විශාල ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව 2023 මැයි මස 31 දින ප්‍රකාශයට පත් කළ වාර්ෂික වාර්තාව මගින් ප්‍රකාශ කර තිබේ.

Read More

යූරියා පොහොර මිටියක සඳහන් කර ඇති උපරිම මිල සීමාව ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන් හෝ බෙදාහරින්නන් අරඔයා වෙළෙඳපොළ වැටලීම් කරන ලෙස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පසුගියදා අමාත්‍යාංශයේදි පැවැති සාකච්ඡාවකදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

Read More

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුභවතුන් 2023.06.12 දින වනවිට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

කෝටිපති ඇඟලුම් කර්මාන්තශාලා හිමියෙකු ගේ මීගොඩ ලයනල් ජයසිංහ මාවතේ සුඛෝපභෝගී තෙමහල් නිවසේ තිබූ කෝටි 35 කට ආසන්න වටිනා ආරුනූල් වර්ගයේ නිල් මැණිකක් හා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ ඇතුළු තවත් දේපල සොරා ගැනීමේ සිද්ධියට’’ හෙට්ටියවත්තේ චාටර් චූටි ’’ නැමැත්තා ඇතුළු තිදෙනකු පෙරේදා (3) පොසොන් පොහෝ දින අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.

Read More

දෙහිඅන්තකණ්ඩිය පොලිස් වසමේ හේනානිගල දකුණ වැවේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ හබරාදූව පදිංචි අවුරුදු 17 හා 19 වැනි වයස්හි පසුවන තරුණයන් දෙදෙනෙකි.

Read More

සමාන්‍ය පෙළ විභාගය සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සම්බන්ධිකරණ මධයස්ථානයේ විභාග පශ්ණ පත්‍ර ආරක්ෂක රාජකාරි සදහා යොදවා තිබු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන සාජන් වරයෙකු ඊයේ (3) පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.