සිය යතුරු පැදියේ මාලු විකිණීමට භාවිතා කරන පෙට්ටියක් බැද ගෙන මාලු විකුණන මුවාවෙන් මීගමුව සහ කටාන ප්රදේශ වල කසිප්පු විකුණූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමක් සහිත කසිප්පු තොගයක් ද සමග 02/12 දින උදෑසන කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු හීනටියන ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. මොහු වසර ගගනනාවක සිට මෙම ජාවාරම කර ගෙන යන බවට කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කොස්තාපල් 82574 අජිත් මහතා වෙත මොහු පිළිබඳ තොරතුරු ලැබී තිබුණි.
ඒ අනුව සති ගනනාවක් කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් මොහු පිළිබඳ , සැගවී තොරතුරු රැස් කරමින් කටයුතු කරමින් , මොහු අත් අඩංගුවට ගැනීම සදහා කටයුතු කර ඇති අතර මෙම පුද්ගලයා ද දවසෙන් දවස වේලාව සහ ඔහු ගමන් ගන්නා මාර්ග වෙනස් කරමින් මෙම ජාවාරම කර ගෙන ගොස් තිබුණි .
සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ එම යතුරු පැදිය තුළ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා කසිප්පු ස්ප්රීතු මිලි ලීටර් 75,000 ක ප්රමාණයක් තිබී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර , මොහුගෙන් මෙම කසිප්පු මිළදී ගන්නා පුද්ගලයන් මෙම කසිප්පු ස්ප්රීතු වෙත තවදුරටත් ජලය එක් කර මෙම කසිප්පු ප්රමාණය තුන් ගුණයක් දක්වා වැඩි කර ගන්නා බව පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ. සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
