"මට මේ නම කැපිල්ල පේන්නේ දෙතුන් පැත්තක උවමනාවට වෙච්ච දෙයක් විදිහට ඇයි එහෙම කියන්නේ,පසුගිය අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේදී මත්පැන් බෝතල් වල ව්‍යාජ ස්ටිකර් පරිහරණය ක්‍රමවේදය එළි කලා, හොර අරක්කු ජාවාරම පෙන්නලා දීලා අල්ලලා දීලා නතර කළා.
ඒ වගේම බදු ගෙවන්නේ නැති නිෂ්පාදකයන්ගේ බලපත්‍ර නැවැත්තුවා , ඔවුන් බදු ගෙවන්න පටන් ගත්තා. රජයේ ආදායම වැඩි වුණා,,අවසානයේ මොකද උනේ,සුරා බදු කොමසාරිස්ට ගෙදර යන්න වුණා. රටට බිලියන ගානක් බදු මුදල් අරගෙන දුන්න මටත් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිකම නැති කළා.ඉතින් කවුද පිටුපස්සේ ඉන්නේ කියලා හිතාගන්න" යැයි එක්සත් ජනරද පෙරමුණේ සභාපති සහ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය
ඒ මහතා එසේ පැවසුවේ අද (11) බණ්ඩාරගම මිල්ල ගස් හන්දියේ පැවති රැස්වීමක් අමතමිනි
එක්සත් ජනරජ පෙරමුණේ බණ්ඩාරගම ආසන සංවිධායක විශ්‍රාමික කපිතාන් ගයාන් විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කර තිබිණි
(පාඨලී චම්පික මහතා මෙසේද පැවසීය)
ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිකමින් මාව ඉවත් කරලා තියෙනවා.ඉවත් කරලා තියෙන්නේ ආණ්ඩුව නෙවෙයි විපක්ෂය.
පසුගියදා රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවාට ආවා රාජාසන කතාව කරන්න.කතාව ආරම්භයත් සමඟම විපක්ෂ නායකතුමා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කිරිඇල්ල මහත්තයා නැගිටලා ගියා.ඊට පසු දින රාජාසන කතාවට විවාදයක් තිබුණා.විවාදයට මමත් වේලාවක් ඉල්ලලා තිබුණා.වෙලාවක් තිබෙන බව ඊට කලින් දවසේ මට දැනුම් දුන්නා. මගේ කතාව කපලා කියලා
මම ඒ අනුව කිරිඇල්ල මහත්තයගෙන් කතා කරලා ඇයි මගේ කතාව කැපුවේ කියලා
මොකද පසුගිය කාලෙම අපිට සතියකට මිනිත්තු හතරක් පහයි පමණයි දෙන්නේ.මිනිස්සු අපෙන් අහනවා ඇයි දැන් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැත්තේ කියලා.
පැය ගණන් බදාගෙන පාර්ලිමේන්තුවේ වන් මෑන් ෂෝ එකක් තමයි දැන් යන්නේ .ඒක කොච්චර කවුරු කිව්වත් පාර්ලිමේන්තුවේ යතාර්ථය ඒකයි.ඒ ගැන ප්‍රධාන දෝෂාරෝපණය විඳින්න ඕනේ කථානායකතුමා.මුළු පාර්ලිමේන්තුවම කාල කළමනාකරණයක් නැහැ
කිරිඇල්ල මහත්තයා කිව්වා රාජාසන කතාවේදී රනිල් වික්‍රමසිංහ මහත්තයට විරෝධය පාලා නැගිටලා ගියේ නැති අයට ,වාඩිවෙලා සිටි අයට කතා දෙන්න එපා කියලා සජිත් ප්‍රේමදාස නායකතුමා කිව්ව කියල,
මම කිව්වා ඔබතුමා කොහොමද අපි ගැන තීරණය කරන්නේ අපි වෙන පක්ෂයක් මම ස්වාධීන මන්ත්‍රීවරයෙක්.නැහැ නෑ මට කතා කරලා වැඩක් නැහැ. මේක නායකතුමාගේ නියෝගයක්. මම කිව්වා ඇයි අපිට අඩු තරමින් කෙටි පණිවිඩයක් හෝ දුරකථන පණිවිඩයක් දුන්නේ නැත්තේ නැගිටලා යනවා, අපි මේක වර්ජනය කරනවා කියලා
නායකයන් නැගිටලා යනකොට දැනගන්න ඕනේ පස්සෙන් යන්න එහෙම කට්ටිය ඇති. නායකයා යන විට පස්සෙන් යන ,වාඩි වන විට වාඩිවෙන එහෙම අය ඇති ඒ ජාතියේ අය නොවෙයි මිත්‍රවරුනි අපි.සෘජුව කොන්ද කෙලින් තියාගෙන අරගලයට යන්න ඕන මිනිහෙක් පිටුපස්සේ අපි යනවා. ඒගොල්ලෝ නායකත්වය දෙන්නේ නැතිනම් අපි නායකත්වය දෙනවා
අපි ඇවිල්ලා තාත්තලා වඩාගෙන ඇවිත් පුටුවෙ ඉන්දවපු අය නෙවෙයි. අපි අපේ දෙපාවල හයියෙන් මේ රටේ සමාජ ව්‍යාපාරවල හයියෙන් දුක් මහන්සියෙන් මෙහාට ආපු අය ඒ නිසා කාගෙන්වත් ඒ වෙන්න මෙහාට ආවේ නැහැ
ඊළඟ දවසේ පාර්ලිමේන්තුවේ කථානායකතුමා කාරක සභාවල නියෝජිතයෝ නම් කරනවා මුදල් හ හා ක්‍රම සහ විධි කාරක සභාවල දෙකේම මගේ නම කපලා මේ තමයි රට ඉදිරියට යන්න හදන හැටි
මේ කාරක සභාව වලින් මොකක්ද කළේ මේ ක්‍රම හා විධිකාරක සභාව පටන් ගත්තේ අලුත්ම කාරක සභාවක් විදියට. මේ රටේ ආදායම ආයතන පිළිබඳව විමර්ශනයක් කරන එක තමයි අපිට භාරව තිබුණු කටයුත්ත
2021-2023 දැවැන්ත සීනි වංචාවක් වුණා එකම සමාගම් කීපයක් සත විසි පහේ සිට රුපියල් පනහ දක්වා නග්ගද්දීත් රුපියල් පනහ සිට සත විසිපහස දක්වා සීනි බස්සද්දි දෙකෙන්ම දැවැන්ත ධනයක් උපයා ගත්තා.
අපි ක්‍රම සහ විධි කාරක සභාවේ නියෝගයක් දුන්නා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මොවුන්ගේ අයුතු ලාභය අය කරගන්න කියලා.ඔය දූෂණය කතා කරන්න සමහර විපක්ෂය අයගේ දේපළ සීනි වංචා කාරයින්ගේ කොළඹ තියෙන විශාල ගොඩනැගිල්ල තමයි තියෙන්නේ. අපි දන්නවා ඒක
වංචාකාරීන්ගේ හයියෙන් තමයි ගොඩක් පෝස්ටර් කටවුට් ඇලවෙන්නේ .අපිත් එක්ක තරහයි තමයි.
ඒ වගේමයි පාන්පිටි ගැන , බදු නොගෙවපු 1272 ගැන ඒ වගේම රටේ බැංකුවලට පොලු කියපු අය ගැන ලැයිස්තු හෙළි කළ මේ රටේ ප්‍රබල ඇමති කෙනෙක් වගේම හිටපු ඇමතිලා ඉන්නවා ,ඒකෙන් මේගොල්ලෝ ඔක්කොම කම්පනයට පත්වුණා.
අර රන්ජන් රාමනායක කියනවා වගේ ඔක්කොම යාළුවෝ
අපි එකක් කියන්න ඕන,නම් කපල පාර්ලිමේන්තුවේ කතා කරන එක නවත්තලා,අපේ ගමන නතර කරන්න කවුරුහරි හිතාගෙන ඉන්නවනම්, වන් මෑන් ෂෝ දාගෙන මේ රටේ අනාගතය කරන්න යන්නේ කියලා හිතනවා නම්
දීපු අමාත්‍යාංශ වල ඔක්කොම ආයතන
බංකොලොත් කරලා රටක් පාලනය කරන්න කල්පනා කරනවා නම් මේවට ඉඩ දෙන්න අපි ලෑස්ති නැහැ
අර රණසිංහ ප්‍රේමදාස මහත්තයා කිව්වා වගේ අපි හොඳට තෙම්පරාදු වෙච්ච මිනිස්සු