අද අළුයම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩිතැබීමක් සිදුව ඇති බවට වර්ථා වනවා. මීගොඩ පොලීසිය සහ ආරථික මධ්‍යස්ථාන පොලිස් මුරපොල පවසන ආකාරයට අදාල ආර්ථික මධ්‍යස්ථානයේ අල ලූණු වෙලඳ සැලක් තුල මෙය සිදූවී තිබෙනවා.
අලුයම වෙළද කටයුතු සිදුවෙමින් පවතින අතරතුර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙලද සැලට පැමිණ මුදල් කොල්ලකා පලායන අවස්ථාවේ එහි සේවය කරමින් සිටි වයස අවු 22 පමණ කාන්තාවකට වෙඩි තබා ඇත. වෙඩි තැබීමෙන් තුවාල ලත් කාන්තාව රෝහල් ගත කොට ඇත.
වැඩිදුර විමර්ශණ මීගොඩ පොලීසිය සිදුකරයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය