saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3674 hours ago

LATEST

සහෝදරයාගෙන් මෝල්ගස් පහර කෑ සහෝදරයාගේ සිරුර බාල්කයක එල්ලෙයි

calendar_today 2023 ජුනි 13 - 17:10 remove_red_eye - 678  

නැති වූ බැංකු කාඩ් පතකට පියා සහ එකම සහෝදරයා සමග උරණ වී සහෝදරයා ගෙන් මෝල් ගස් පහර කෑ 23 හැවිරිදි තරුණයාගේ සිරුර සැකකටයුතු ලෙස නිවසේ කාමරයේ බාල්කයක එල්ලෙමින් තිබියදී පෙරේදා (12) රාත්‍රී සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසීය.

Read More

ගලගෙදර පොලිස් වසමේ හෑදෙනිය සදුන් උයන ප්‍රදේශයේ නිවසක් බිඳ රූපවාහිනියක් ඇතුළු භාණ්ඩ තොගයක් සොරකම් කළ සොරකු අල්ලා ගැනීමට රූපවාහිනිය වසා තිබූ රෙද්දේ ඉව ඔස්සේ ගිය අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ චාලි නම් නිල සුනඛයා සමත් විය .

Read More

මේවනවිට ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරව ඇති ව්‍යාපෘතිවල සියලුම කටයුතු ඉදිරි වසරක කාලයක් ඇතුළතදී නිමකිරීමට බළාපොරොත්තුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා පැවසීය.

Read More

කොස්ගොඩ පොලිස් වසමේ ඉඳුරුව ඇට වල වත්ත ප්‍රදේශයේදී පෙරේදා එක් දරු මවක් නිවසක් තුළදී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (13දා) යුධ හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

නවීන් දිසානායක මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම දිවුරුම්දීම සිදුකර ඇත.

Read More

ජූනි මාසයේ පළමු දින අට තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 22,200 ක් පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව මේ දක්වා මාසය සඳහා දෛනික පැමිණීමේ සාමාන්‍යය 2,775 ක් වේ.

Read More

1864 දී බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී සකස් කරන ලද පාන් ආඥා පනත අවලංගු කිරිමට වෙළඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව ඒ වෙනුවට පාරිභෝගික අධිකාරීය හරහා ආරක්ෂණ විධි විධාන සකස් කිරිමට නියමිතය.

Read More

වාහන ආනයනය නැවතීම නිසා රේගුවේ ආදායම අඩුවෙලා - රේගුව වාහන ආනයනය සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් තීරණයක් ගන්නවා - මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොපමණ මැණික් ප්‍රමාණයක් උවද රේගුවෙන් නිදහස් කිරීමට අවශ්‍යවන්නේ ඩොලර් 200 ක් පමණක් බව හෙලිවෙයි. රේගු නඩුවක් අවසන් කිරීමට නිශ්චිත කාලසීමාවක් නොමැතිවීම පිළිබඳ අවධානය බහාලුම් පරීක්ෂාකිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අවධානය ගුවන්තොටුපොළ සේවයේ නියුතු රේගු නිලධාරීන් පරීක්ෂාවන්ට යටත් නොකිරීම සම්බන්ධයෙන් අවධානය දේශීය ආදායම්

Read More

දික්වැල්ල කුමාරතුංග මාවතේ දී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් පිරිසක් 52 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බව දික්වැල්ල පොලීසිය පවසයි.

Read More

සමුපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ඒ. බැසිල් සේනාධීර මහතා පත් කොට තිබේ.

Read More

රුපියල් ශක්තිමත් වීම සැලකිල්ලට ගෙන අද (13දා) දින සිට නිෂ්පාදනය කරන අභ්‍යාස පොත් ඇතුළු සියලු පාසල් උපකරණ මිල හා අනෙකුත් කඩදාසි නිෂ්පාදන මිල 20%ත් 25%ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට තීරණයකළ බව සමස්ත ලංකා කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

Read More

හෙද පුහුණුවෙන් පසු පැවැත්වූ අවසන් විභාගයට පෙනී සිටි2595 දෙනෙකුගෙන් සමත් වී තිබෙන්නේ 844 දෙනෙකු බව ඒකාබද්ධ හෙද සේවා සංගමය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (trial at bar) පත් කරන ලදි.

Read More

වසර 23 ක සේවයෙන් පසුව යළිත් ප්‍රංශය වෙත භාර දීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 330 - 200 පළමු ගුවන් යානය සූදානම් කර තිබේ.

Read More

මඩකලපුවල සිට්ටන්ඩි ප්‍රදේශයේ යුද හමුදා භට පිරිස් විසින් මෙහෙයුම් අවශ්‍යතා සඳහා මෙතෙක් භාවිතා කළ ප්‍රදේශයේ අක්කර 8.6 ක ඉඩමක් පසුගියදා නිදහස් කර නැවත බාර දුන් බව යුද හමුදාව පවසයි.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත වලංගු රැකියා අනුමැතියකින් තොරව දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් අයකර, අයදුම්පත් රැස්කර සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ පේරාදෙණිය Upcountry Manpower ආයතනයේ හිමිකරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.06.10 දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, ගල්කන්ද ප්‍රදේශයේදී විදුහල්පතිවරයෙකු දුම්රියක ගැටීම හේතුවෙන් ඊයේ (11) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

Read More

බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ පොලිස් බලප්‍රදේශ 5 ක් ආවරණව වන පරිදි අද (12) අලුයම සිදුකළ පැය 3 ක විශේෂ මෙහෙයුමකින් හොරොයින් , අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 35 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගාත්මක කාලවකවානුව කළමනාකරණය කර ගනිමින් මේ වන විට එය වඩාත් සාධනීය තැනකට ගෙන එමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි මාස දෙක තුළ ඖෂධ හිඟය අවම කිරීමටත්, බෙහෙත් මිල පහළ දැමීම ඇතුළු කටයුතු රාශියක් 90% කින් පමණ ප්‍රමාණයකින් සාධනීය තැනකට ගෙන ඒමට හැකි වෙතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Read More

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර තිබේ.

Read More

අම්බලන්තොට වලවේ ගඟට දිය නෑමට ගිය කාන්තාවක් කිඹුලෙක් අද (12) පස්වරුවේ ඩැහැගෙන යෑමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි.

Read More

මෙහිදී ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටියේ, ’ඔබතුමා මට ඉතිහාසය උගන්වනවද? නැත්නම් මම ඔබතුමාට ඉතිහාසය උගන්වන්නද?’ යනුවෙනි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන මාසයේදී ඉන්දියාවේ සංචාරයකට එක්වීමට නියමිත අතර ඊට පෙර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විදුලි බල ජාල සම්බන්ධතාව ඇතිකර ගැනීම වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ඉදුරුව ඇටවලවත්ත ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් පහරදී ඝාතතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් අද (12දා) උදේ ඇයගේ නිවස ඉදිරිපිට තිබී සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙ කඩා වැටීමක් අද දිනයේදි දක්නට ලැබුණි. ඒ අනුව පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේදී මෙම කඩා වැටීම දක්නට ලැබුණි.

Read More

දස හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේ වැසිකිලිය තුල දි රෙදි පටියකින් ගෙල වළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා පැවසිය.

Read More

යුද්දෙන් පසුව නැවත පදිංචි වූ වැසියන් වෙනුවෙන් යාපනය යුධ හමුදා කදවුරු සීමාවන්ට අයත්ව තිබු යාපනය, කන්කසන්තුරය මාන්කොල්ලෙයි වෛරව හින්දු කෝවිල් ඉඩම සිවිල් වැසියන් වෙතට ලබාදීමට පියවර ගෙන තිබුණි.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙතට ජුලි 01 වනදා සිට සතියේ සිකුරාදා සහ ඉරිදා දිනයන්හි උපකාරක පන්ති නොපවත්වන ලෙසට යාපනය දිසාපති ඒ. සිවපාලසුන්දරම් මහතා දැනුම් දී ඇත.

Read More

ජනතාවට බදු සහන ලබා දෙන්නේ කෙසේදැයි මේ දිනවල රජය සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.