බලපිටියේදී දිය නෑමට ගිය සිසුවා අතුරුදන්
බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගිය පාසල් ශිෂයකු අද(14) පස්වරුවේදී අතුරුදහන්වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.
මෙසේ අතුරුදහන්වී ඇත්තේ කොට්ටාව මත්තෙගොඩ පදිංචි කොට්ටාව ආනන්ද විදුහලේ ඉගෙනුම බිතික රිසදු නමැති දහතුන් හැවිරිදි දරුවෙකි.
බලපිටියේ වෙසෙන ආච්චි,සීයා බැලීමට ඊයේ(13)කොට්ටාව සිට බලපිටියට පැමිණ සිටියදී මේ දරුවා මේ අනතුරට ලක්වී ඇති බව ද පොලීසිය කියයි.
මේ සිසුවා දන්නා හදුන තවත් දරුවන් දෙදෙනෙක් සමග මාදු ගගේ බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගොස් සිටියදී මේ දරුවා හදිසියේ හා රළ පහරකට ගසා ගෙන ගොස් අතුරුදහන්වී තිබේ
අතුරුදහන්වූ සිසුවා පිළිබදව පදේශවසී තරුණයම් දිය පීරමින් සෙවිම් කටයුතු සිදුකළත් සිරුර තවම හමු නොවූ බවත් දරුවාගේ සිරුර මුහුදට ගසා ගෙන යන්නට ඇතැයි සැකකරන් බවත් පොලීසිය කියයි.
අහුන්ගල්ල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

