තිරප්පනේ උලගල්ල වැවේ සිටි අග්බෝ ඇතා ඩ්‍රෝන කැමරාවක් යොදා අවසරයකින් තොරව රූපගත කරමින් සිටි තරුණයකු පෙරේදා (13දා) අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලීසිය සඳහන් කරයි.
මහව, කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු සතුව තිබූ ඩ්‍රෝන කැමරාවක් හා ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් තිදෙනකු සමඟ අලිඇතුන් පිළිබඳ වූ ව්‍යාපෘතියකට අග්බෝ ඇතාගේ දර්ශන රූගත කිරීමට මෙම තරුණ ජායාරූප ශිල්පියා තිරප්පනේ උලගල්ල ප්‍රදේශයට පැමිණ තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා සිය ඡායාරූප උපකරණ සමග මෙහි පැමිණ ඇත්තේ කුලී පදනම මත ඇතාගේ දර්ශන රූපගත කරදීමට බවද පොලීසිය සඳහන් කරයි.
තිරප්පනේ උලගල්ල ප්‍රදේශයේ ඩ්‍රෝන කැමරාවක් ගුවනට ඔසවා ඇති බව මීරිගම ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලන මධ්‍යස්ථානයට තොරතුරු ලැබීමත් සමග ඒ පිළිබඳ වහාම තිරප්පනේ පොලීසියට දැන්වීමෙන් පසු වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනපාල මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කර තිබෙන අතර තිරප්පනේ පොලීසිය අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
තිරප්පනේ සමන් කේ. ගමගේ