කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී පෙරේදා (12) දහවල් කායවර්ධන උපදේශක වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් වි එය අසාර්ථක වීමෙන් අනතුරුව පලාගිය පුද්ගලයන් දෙදෙනා තවත් අපරාධයකට යමින් සිටියදී මුල්ලේරියාවේදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි
එම සැකකරුවන් දෙදෙනා සමග සෙල්ලම් පිස්තෝලයක්, යතුරුපැදියක්, ජංගම දුරකථන හතක් හා, හොරයින් මත්කුඩු මිලිගෑම් 7500 ක් ද පොලිස් භාරයට ගෙන ඇත
එම පුද්ගලයා ඩුබායි ධනුෂ්ක නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් බව පොලිසිය කියයි
මරණ තර්ජනයට ලක් වූ පාර්ශ්වය සංවිධානාත්මක අපරාධ කරුවෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ හිතවතුන්ගේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම මරණ තර්ජනයට සහ වෙඩි තැබීමට ආසන්න හේතුව බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.