පවතින වර්ෂාවත් සමඟ කොස්ලන්ද කැලිපනාවෙල අස්වැද්දුම කොටබක්ම ප්‍රදේශයේ නාය යාමෙන් පවුල් 116ක සාමාජිකයන් 311ක් විපතට පත්ව නිවාස 13 ක් විනාශ වී ගොස් ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා අද (14) පැවසීය .
නාය යාම නිසාවෙන් විපතට පත්වූ වන් දැනට ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ගෙ නිවාස වල තාවකාලිකව නතර වී සිටින බවත් , මොවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ,පිසූ ආහාර ඇතුලු පහසුකම් ලබා දෙන බවද හෙතෙම කීය .
කොස්ලන්ද කැලිපනාවෙල අස්වැද්දුම ප්‍රදේශයේ මෙම නාය යාමෙන් පිරිමි පුද්ගලයන් 149ක් කාන්තාවන් 150ක්ද, කොටබක්ම ප්‍රදේශයේ නාය යාමෙන් පිරිමි පුද්ගලයන් හයක් සහ කාන්තාවන් හයදෙනෙකු මෙසේ විපතට පත්ව සිටින පිරිස අතර සිටින බව පවසන බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා කොස්ලන්ද කැලිපනාවෙල අස්වැද්දුම කන්ද, නාය යාම ඉකුත් 9 වන දින ද, කොටබක්ම ප්‍රදේශයේ නාය යාම ඉකුත් 12 වනදින ආරම්භ වූ අතර ,.දැනට පවතින වර්ෂාවත් සමඟ එම ප්‍රදේශයේ නාය යාම තව දුරටත් සිදුවන බවද දිස්ත්‍රික් ලේකම් වරයා පවසයි .
කැලිපනාවෙල අස්වැද්දුම කන්ද නාය යාමේ අනතුරු ලක්ශන පහල වීමත් සමඟ කල්වේලා ඇතිව එම ගම්මානයේ ජනතාව නිවෙස්වලින් ඉවත් කිරීම නිසාවෙන් සිදු විමට ගිය විශාල අනතුරක් වැලකී ගොස් තිබේ .
විශේෂයෙන් වර්ෂාවත් සමඟ තවදුරටත් කොස්ලන්ද කැලිපනාවෙල අස්වැද්දුම කන්ද කොටබක්ම ප්‍රදේශයේ නාය යාම සිදුවන හෙයින් නාය යාමට ලක්වූ ස්ථානය නැරඹීමට යාමෙන් වලකින ලෙසට කොස්ලන්ද පොලිසිය ජනතාවට දැනුම් දෙයි .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්