saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3691 hours ago

LATEST

මෙගා වොට් 2ක සූර්ය බල විදුලි ව්‍යාපෘතියක් ජාතික පද්ධතියට

calendar_today 2023 ජුනි 09 - 18:39 remove_red_eye - 733  

විදුලංකා සමූහයට අයත් හොරණ සූර්ය බල සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද මෙගාවොට් 2 ක සූර්ව බල ව්‍යාපෘතියක් අද පෙරවරුවේ හොරණදී ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසෛ්කර මහතා පවසයි.

2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

• රථගාල් ගාස්තු අයකිරීමට කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික ආයතන 38 කින් 2021 දෙසැම්බර් 31 වන විට ලැබිය යුතු හිග ගාස්තුව රු. මිලියන 265.50 ක් • කොළඹ නගරයේ ගිනි නිවන ඒකකය සහ ගුවන් හමුදාව සමග ඇති සම්බන්ධීකරණය වැඩි කිරීමට අවධානය • විධිමත් පරිදි දැන්වීම් ආදායම ලබානොගැනීම පිළිබඳ අවධානය • ඉඩම් ලේඛන විධිමත්ව පවත්වාගෙන නොයාමේ ගැටලු පිළිබඳ අවධානය • බස්නාහිර මහා නගරසභා කාර්යාලයේ දුර්වල අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය

Read More

රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දුප්පත්කමට පත්ව ඇති බවත් 2019 පසු ලක්ෂ 40කට ආසන්න පිරිසක් එනම් ජනගහනයෙන් සියයට 17ක් දුප්පත්කමට පත්ව ඇති බවත් එය පළාත් 9ම දක්නට ලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (9) අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

වියළි මිරිස් කිලෝවක් රුපියල් 60 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1,290 කි. මුංඇට කිලෝවක් රුපියල් 325 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1,225 කි. රතු පරිප්පු කිලෝවක් රුපියල් 15 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 299 කි. රතු නාඩු කිලෝවක් රුපියල් 15 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 200 කි. හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 10 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1,140 කි. පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 2

Read More

කිරින්ද විහාරය ආසන්නයේ මුහුදු තීරයේදී තරුණියන් තිදෙනෙකු හා තරුණයෙකු මුහුදු රළ හසුවී ගසාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි. මෙහිදී ඔවුන් සමග පැමිණි අයෙකු විසින් තරුණියක් හා තරුණයෙක් බේරාගෙන තිබේ.

Read More

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා (07) පැවැත්වුණි.

Read More

සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් දසදෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී. 60 වන ශ්‍රමික කණ්ඩායම ලෙස එම පිරිස 2023.06.13 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

Read More

දැනටකෘෂිකර්මාන්තය තුළ වී වගාවේ නිරතව සිටින ගොවි ජනතාවගෙන් සියයට 80ක් අවුරුදු 50 ඉක්ම වු වැඩිහිටියෝ වෙති. වී වගාව තුළ තරුණ ප්‍රජාවේ නියෝජනය සියයට 20ක් පමණ සුළු ප්‍රමාණයකි.

Read More

සැකකටයුතු ලෙස මිය ගිය කුඩා දරුවෙකුගේ මෘත දේහයක් මුල්ලේරියාව පොලිස් වසමේ හල්බරාව ප්‍ර දේශයේදී සොයා ගත් බව පොලීසි කියයි.

Read More

වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනකු සීමාවාසික පුහුණුව සඳහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

Read More

ඒ අතර සිටි එක් චීන ජාතික ආරක්ෂක නිලධාරීවරියක් , මෙම චීන ජාතිකයා අසළට පැමිණ චීන බසින් ’’ සුභ සන්ධ්‍යාවක් ’’ යැයි පවසනවාත් සමග මොහු එතෙක් ඔහු අසුන් ගෙන සිටි රෝද පුටුවෙන් නැගී සිටින්නට උත්සාහ කරමින් කළබළ කරන්නට වූයේ තමන් චීනය රැගෙන යන බව වැටහීමත් සමගය .

Read More

මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් අ.පො.ස සාමාන්‍ය පෙළින් අනතුරුව ආරම්භ වන පාසල් වාරයට පෙර මෙම සති අන්තයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සියලු පළාත් ආවරණය කරමින් පාසල් ප්‍රජාවගේ ද සහයෝගයෙන් දිවයිනපුරා සිදු කිරීමට අපේක්ෂා කරන බවත් එහි මූලික වැඩසටහන කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් කොළඹ කලාපයේ සියලු පාසල්වලින් ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරන ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි ලිංගික බලහත්කාරකම් කිරීමේ නඩුව එළඹෙන ජූලි මස 07වැනිදා විභාගයට ගැනීමට (Trials) සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවිය ඊයේ (08දා) තීන්දු කළේය.

Read More

බණ්ඩාරගම උඩුගොඩ ප්‍රදේශයේ පිරිවෙනක අධ්‍යාපනය ලබමින් සිටී 16හැවිරිදි හිමිනමක් බලහත් කාරයෙන් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ එහි වාසය කරන 30 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

Read More

පොලිස් කොස්තාපල්වරියක් විවාහ කරගන්නා බවට කර ගන්නා පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න සහගත තත්වයක් උද්ගතව පැවතීම හා ඒවා සම්බන්ධව නිසි පරිදි විමර්ශන සිදු නොවීම නිසා නිලධාරීන් අඛණ්ඩවම හදිසි ඖෂධ මිලදී ගැනීම් හරහා ප්‍රශ්න සහගත ගනුදෙනු වලට යොමු වන බවත් මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇතත් ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම් කාර්යාලය මේ සම්බන්ධයෙන් සක්‍රීය ලෙස ක්‍රියාත්මක නොවීම නිසා නිලධාරීන් කිසිදු බියක් සැකක් නොමැතිව ප්‍රශ්න සහගත ටෙන්ඩර් ගනුදෙනුවලට

Read More

මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය -4.3%ක් වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. එම බැංකුව මගින් 2023 වසර සඳහා වන ගෝලීය ආර්ථික වර්ධනය පිළිබඳ වාර්තාව (Global Economic Prospects) නිකුත් කරමින් ඊයේ (07දා) දිනයේදී මේ බව සඳහන් කර තිබේ.

Read More

ආනයනය සීමා කිරීම හරහා ‍මෙරට කර්මාන්තවල විශාල ප්‍රගමනයක් දැකිය හැකි බවත් ඒ අනුව පසුගිය වසරේදී (2022) ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වන ඩො.බි 13.1 ක මුදලක් ලබාගත හැකිවූ බවත් කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

වර්තමානයේදී මෙරට තුළ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ජනගහනය මිලියන 7ක් බවට පත්ව ඇතැයි LIRNEasia ආයතනය පවසයි. ඒ අනුව මෙය සමස්ත ජනගහනයෙන් 31%ක ප්‍රතිශතයක් ගන්නා බවද එම ආයතනය සදහන් කරයි.

Read More

ජපානයේ එහිමෙ ප්‍රාන්තයේ (EHIME PREFECTURE) කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තාක්ෂණික සිමාවාසික පුහුණුලාභීන් ලෙස ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට ජපානයේ එහිමෙ ප්‍රාන්තය හා ශ්‍රි ලංකාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අතර සහයෝගිතා ගිවිසුමකට ජපානයේ එහිමෙ නගරයේදී අද දින (07) අත්සන් තබන ලදී.

Read More

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිධුරය විපක්ෂයට ලබා දියු යුතු බවත් ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඒ සඳහා සුදුසු බවට විපක්ෂය යෝජනා කරන්නේ නම් ඔහුට සභාපතිධුරය ලබාදිය යුතු බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ගැඹුරු මුහුදේදී අහපත් කාලගුණය හේතුවෙන් පෙරළුනු ‘ලූපෙන් යුවාන්යු 028”නැමැති චීන ධීවර යාත්‍රාවට පළමුව ඇතුළුවී එහි මළ සිරුර 14 ක් සොයා ගැනීමේ කිමිදුම් මෙහෙයමුට සහභාගි වු නාවික හමුදා සමාජිකයන් නව දෙනාට චීන රජයේ උපහාර පිදීමේ උත්සවයක් පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට “පරිගණක යෙදුම්” නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

යාපනය ඩෙල්ෆ් ජැටියේ පිවිසුම් දොරටුව අසලදි අද (7) උදෑසන අනතුරට පත් මගී ප්‍රවාහන ට්‍රෝලර් යාත්‍රාවක සිට පුද්ගලයන් 38 දෙනකු නාවික හමුදාව විසින් බේරාගෙන ඇත.

Read More

දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අද (07) උදෑසන පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සවස කිලිනොච්චිය පොලීසියට රැගෙනවිත් කට උත්තරයක් ලබාගැනීම සිදුවිය.

Read More

පුත්තලම නෙඩුම්කුලම් ප්‍රදේශයේ ස්ථාන කිපයක විශාල ලෙස කපුටන් (7 ) දින මිය ගොස් ඇති බව ජනතාව පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.