ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක අද (15) නියලිණි.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි කාර්යාලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබු අතර, ඉන් අනතුරුව වනෝද්‍යනය තුල නිරීක්ෂණ චාරිකාවක නිතරත වුහ.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවී දෙපාර්තුමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් භූමි ප්‍රදේශද මෙහෙදී ජනාධිපතිවරයා සිතියම් මුලාශ්‍රයෙන් නිරීක්ෂණය කරන ලද අතර, වනෝද්‍යානයේ සහ එහි පේරක කලාපයට අයත් සියලුම ඉඩම් එක් සිතියමකට සිතියම් ගත කොට කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව තිබෙන හෝර්ටන්තැන්න සහ ඒ ආශ්රිත ප්‍රදේශ ඉහල පෙළේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කිරීම මගින් රටට ඉහල විදේශ විනිමයක් උපයා ගත හැකි බව ජනාධිපතිවරයා මෙහෙදී පෙන්වා දුන්නේය. එම සියලුම කටයුතු පරිසර හිතකාමී සහ තිරසර ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහෙදී පැහැදිලි කළේය.
හෝර්ටන්තැන්න වනෝද්‍යානය ආශ්රිත ගම්මානවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහෙදී කරුණු විමසා බැලු අතර, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය තුළින් එම ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට ද හැකියාව ලැබෙන බව ජනාධිපතිවරයා මෙහෙදී සඳහන් කළේය.
අනතුරුව උඩවේරිය වතු යාය හරහා වැටී ඇති මාර්ගය හා ඒ ආශ්රිත ප්‍රදේශ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

