ගුවන් මගියාගේ ඩොලර් 14000ක් සමග චීන ජාතිකයා අතුරුදන් වෙයි
ඕමාන ගුවන් සේවයේ යානයක ව්‍යාපාරික පංතියේ පැමිණි ලෙබනන ජාතිකයෙකුගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදලක් සොරා ගත් චීන ජාතිකයා අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සහ ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය 12/13 දින රාත්‍රී ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ .
47 හැවිරිදි ලෙබනන ජාතික ව්‍යාපාරිකයෙකු සිය මවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇය සමග 12/13 දින උදෑසන 07.20 ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ මව මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ආසන වල පැමිණ තිබූ අතර , ඔවුන් සමග චීන ජාතිකයෙකු ඇතුළු තවත් තිදෙනකු ද පැමිණ තිබුණි .
මෙම ලෙබනන ජාතික ව්‍යාපාරිකයාගේ අත් බෑගය ගුවන් යානය තුළ, මගී ආසන වලට ඉහළින් ඇති ගමන් මලු රදවනය තුළ තැබීමට පියවර ගෙන තිබුණි.
මෙම ගුවන් යානය රාත්‍රී කාළයේ ගමන් කරමින් තිබූ අතර , ගුවන් යානය තුළ විදුලි පහන් නිවා දමා , ගුවන් මගීන්ට සුවදායක නින්දක් සදහා අවශ්‍ය පසුබිම සකස් කර තිබුණි.
මේ අවසරයෙන් , මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ සිටි චීන ජාතිකයා , ලෙබනන ජාතික ව්‍යාපාරිකයාගේ අත් බෑගය විවෘත කර , එහි වූ මුදල් පසුම්බියේ තිබූ ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදල සොරා ගෙන , ඒ වෙනුවට ඊජිප්තු මුදල් ඒකකයේ පහේ නෝට්ටු 18 ක මිටියක් , එම මුදල් පසුම්බිය තුළට දමා තිබේ .
මේ කිසිවක් නොදත් ලෙබනන ව්‍යාපාරිකයා , ගුවන් යානයෙන් බැස කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ වූ බැංකු වෙත පැමිණියේ සිය ඇමෙරිකානු මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කර ගැනීමටය .
එහෙත් තම පසුම්බියේ වූ ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදල අස්ථාන ගත වීම පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය සහ ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණිළි කිරීමට කටයුතු කර තිබුණි .
පොලිසිය ගුවන් යානා කාර්යය මණ්ඩලය සමග සිදු කළ මූලික විමර්ශන වලදී මෙම චීන ජාතිකයා මෙම මුදල් තොගය සොරා ගෙන ඇති බව තහවුරු කර ගෙන තිබුණි .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

