saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3661 hours ago

LATEST

ඉතිහාසය උදාහරණයට ගෙන ජනපති දුන් සහතිකය

calendar_today 2023 ජුනි 16 - 10:25 remove_red_eye - 523  

කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පසුගිය ජූනි 08 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරුණු දැක්වීමක් සිදුකර තිබිණි.

Read More

මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉදිරි වසර 05ක සංවර්ධනය සඳහා රුපියල් මිලියන 3800ක් ලබා දීමට ලෝක බැංකුව කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ පළමු කාර්තුව (ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා) තුළදී 11.5%කින් හැකිලී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.2023 වසරේ පළමු කාර්තුව සඳහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

Read More

හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක් කුඩා බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා පවසයි.

Read More

සිංගප්පූරුව වැනි රටවල මාධ්‍ය ආයතන ස්වයං වාරණයක් සහිතව රටේ අවශ්‍යතාවය වෙනුවෙන් වගකීම් සහගතව කටයුතු කරන නමුත් ලංකාවේ මාධ්‍ය ආයතන වගකීමෙන් යුතුව කටයුතු නොකිරීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

රට ගොඩගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ එක්ව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩනගන බවත්, ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට එම සන්ධානයෙන් ඉදිරිපත් වන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

ඖෂධ වර්ග 60ක මිල ගණන් අඩුකරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ මෙම මිල අඩුකිරීම සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

අභිනවයෙන් පත් වූ සබරගමු පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ නවින් දිසානායක මහතා අද (15) සිය රාජකාරි රත්නපුර පිහිටි සබරගමු පළාත් සභා සංකීර්ණයේ ආණ්ඩුකාර කාර්යාලයේ දී ආරම්භ කරනු ලැබීය.

Read More

වකුගඩුවකින් ඉවත් කළ ලෝකයේ විශාලම හා බරම වකුගඩු ඉවත් කිරීමේ සැත්කම සිදුකරමින් පිහිටුවූ ගිනස් වාර්තාවට ජාත්‍යන්තර මාධ්‍ය තුළ අවධානය යොමුව තිබේ.

Read More

ජාත්‍යන්තර පොලිස් සංගමයේ 65 වැන සංවත්සර සැමරීමේ වැඩමුළුවකට සහභාගීවීම සඳහා එංගලන්තයේ නොටින්හැම්ෂයර් ප්‍රාන්තයේ ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශාඛාවට ගිය පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි පොලීසිය පවසයි.

Read More

ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වරග තුනක මිල පහළ දැමීමට කටයුතු කර තිබේ. වටානා, පාන්පිටි හා රතු පරිප්පු යන භාණ්ඩවල මිල මෙසේ අඩුකර තිබේ.

Read More

දහහත් හැවිරිදි පාසල් සිසුවියකගේනිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන බවට තර්ජනයකළයුධ හමුදා සොල්දාදුවකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මුලතිව්,කේපාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී කඩාවැටීමෙන් එයට යටවූ වයස අවුරුදු තුනක දරුවෙකු ඊයේ (14) දින ජිවිතක්ෂයට පත්ව ඇති බව මුල්ලියාවේලි පොලිසිය පවසයි.

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 9 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිළ වශයෙන් දැනුම් දී ඇත.

Read More

වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන සංවිධායක පි ඩි අබේරත්න මහතා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය

Read More

මෙම වසරේ (2023) 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වැනිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

Read More

මෙරට පාරිභෝගික ජනතාවගේ ඉහළ ඉල්ලුමක් ඇති “මැන්ඩරින්” දොඩම් සඳහා වගා කළාපයක් හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මෙම වගා කළාපය මහනුවර, නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රික්කයන් මුල්කර ගනිමින් ස්ථාපිත කිරීමට සැළැසුම් කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

Read More

දියුණු වී ඇති සෑම රටක් ම ඉදිරියට ගොස් ඇත්තේ නවෝත්පාදන සමග බවත් විවිධ ආක්‍රමණවලට පෙර පරිසරයත් සමග බද්ධ ව මුසු කරගත් විද්‍යාව, තාක්ෂණය වැනි විෂය මූලික ව ගොඩනැගුණු දියුණු ශිෂ්ටාචාරයක සිටි අප අනතුරු ව වෙනත් රටවල වුවමනාවන් පිරිමසාලන පරිදි ගොඩනගා දුන් සමාජ ආර්ථික හා අධ්‍යාපන ගමන් මාර්ගයක තවමත් ගමන් කරමින් සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

වියළි ඉඟුරු සහ කහ මිලදී ගන්නා බවට මුහුණු පොතේ දැන්වීමක් පළ කල පුද්ගලයෙකු හට ඉඟුරු තොග තිබෙන බවට ඇමතුමක් ලබාදී, රඹෑව වැලිඔය හන්දියට ගෙන්වා ගෙන කැලේකට රැගෙන ගොස්, එම ගැනුම්කරු ගස් බැඳ පොලුවලින් පහරදී ලක්ෂ හතරකට ආසන්න මුදල් හා ජංගම දුරකථනයක් කොල්ලකා පලා ගිය පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (14දා) විමර්ශනයක් ආරම්භ කළ බව කල්ලංචිය පොලිසිය පවසයි.

Read More

ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට නම් කොට තිබේ .

Read More

වවුනියාව දිස්ත්‍රික්කයේ පැවත්වෙන සියලු ආකාරයේ උපකාර පන්ති ඉරිදා දිනය තුළ නවතා දැමීමට උපකාර පන්ති කළමනාකරුවන් ඊයේ (14) දින වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී එකඟතාවය පළ කළේය.

Read More

මාලි රාජ්‍යෙය් සාමසාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික රථආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ත්‍රස්ත සංවිධානයක් විසින් වලදමන ලද කිලෝ 20 ක් බරැති විශාල බෝම්බයක් සොයාගැනීමට සමත්ව ඇතැයි යුදහමුදාව පවසයි.

Read More

වෑන් රථයකින් පැමිණි බීමත් පුද්ගලයන් පිරිසක් පදවිය අලිවංගුව ප්‍රදේශයේ දී නීතිඥවරයෙකුට යතුරු පැදි හිස්වැසුම් වලින් සහ අතින් පයින් දරුණු ලෙස පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස, කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා විසින් පදවිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාර සිරි මහතාට නියෝග කළේය.

Read More

දොඹගහවෙල පොලිස් වසමට අයත් නුගගහකිවුල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 13 වයසැති දැරියකට ඉකුත් දහවෙනිදා ඇයගේ පෙම්වතා නිවසට පැමිණ දැරියට සහ දැරියගේ මවට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බියටපත් දැරිය එදින සවස නිවැසියන්ට නොදන්වා නිවස ආසන්නයේ කැළෑවකට ගොස් ගල්ගුහාවක තනිව රැයක් ගතකොට නිවසට පැමිණ ඇතැයි දොඹගහවෙල පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට සර් විලියම් ග්‍රෙගරි , සැමුවෙල් බේකර් යන ආන්ඩුකාරවරුන් යටතේ නුවරඑළිය නගරය පාලනය වූ සමයේ සිටම තැපැල් කාර්යාලයක් ලෙස පැවත එන නුවරඑළියේ අනන්‍යතාව සලකුණු හැටියට හඳුන්වනු ලබන වර්තමාන නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත් කිරීමේ රජයේ යෝජනාවට නුවරඑළියේ ස්වේච්ඡා සංවිධාන රැසක, තැපැල් සේවකයන්ගේ හා මහජනතාවගේ දැඩි විරෝධය.

Read More

ඇමෙරිකාවේ සිට ක්‍රියාත්මක සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සහන සහ සංවර්ධන සංවිධානයක් වන ඇමෙරිකෙයාර්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 3ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ. මෙහි රුපියල් වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියනකට ආසන්න වෙයි.

Read More

පිපිරීමේ උපකරණයක් යොදා ගනිමින් පිපිරීමක් සිදුකරගෙන මැණික්හින්න, ගල්කඩුව ප්‍ර දේශයේදී පුද්ගයෙක් දිවි හානිකරගෙන ඇතැයි පොලීසිය කියයි.

Read More

ඌරුබොක්ක පොලිස් වසමේ දොලමුල්ල ප්‍ර දේශයේදී අනධ්‍යන කාර්යාල සහායකවරියක් ඊයේ (14දා) දහවල් කාලයෙදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.