පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව හා පක්ෂව ඉදිරිපත් කර ඇති පෙත්සම් හෙට (01දා) සිට සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.
අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන සෙසු විනිසුරුවරු එම මඩුල්ල නියෝජනය කරන විනිසුරුවරුවෝ වෙති.