22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරමුණ කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජන කිරීමට අපේක්ෂා කරයි නම් රෝගීන්ගේ ගැන සිතා එසේ නොකරන්නැයි ආයාචනයක් කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට ඕනෑම පාර්ශ්වයකට අවස්ථාව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.