ලබාදුන් උපකරණවලින් වැඩක් නොගත් අය ගැන සොයයි
අක්මිමන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් පසුගිය වසර පහක කාලය තුලදි මන්ත්‍රි ප්‍රතිපාදන ඇතුළු විවිධ ව්‍යාපෘති මගින් ප්‍රතිලාභින්ට ලබාදුන් විවිධ උපකරණ නිෂ්පාදන කටයුතු සදහා භාවිතාකොට නොමැති ප්‍රතිලාභින් පිළිබද සොයා බලා වාර්තාවක් අක්මිමන සම්බන්දිකරණ කමිටුව වෙත ඉදිරිපත්කරණ ලෙස සම්බන්දිකරණ කමිටුවේ සභාපති හා කෝප් කමිටුවේ සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නිශාන්ත සමරවිර මහතා ඉල්ලා සිටියේය.
පසුගිය කාලය තුලදි සහනාධාර යටතේ විවිධ උපකරණ ජනතාවට ලබාදි ඇති බවත් එම උපකරණ ලබාගෙන එවා භාවිතා කොට නොමැති පුද්ගලයින් හදුනාගත යුතු බවද මන්ත්‍රිවරයා මෙහිදි සදහන් කළේය. එම පුද්ගලයින්ට ඉදිරියේ දි සහනාධාර ලබාදිමේ දි සිතා බැලිය යුතු බව සදහන් කළ මන්ත්‍රිවරයා බෝපේ පොද්දල ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශය තුල පසුගිය කාලයේ දි විජලන යන්ත්‍රි 08ක් ලබා දි ඇති බවත් එම උපකරණ කිසිදු නිෂ්පාදන කටයුත්තක් සදහා යොදාගෙන නොමැති බවද සම්බන්දිකරණ කමිටු සභාපතිවරයා මෙහිදි අනාවරණය කළේය.
මෙම උපකරණ වලට අමතරව පසුගිය වසර පහක කාලය තුලදි ක්‍රිඩා සමාජ සදහා බෙදාදුන් උපකරණ පිළිබදවද සොයා බැලිය යුතු බවද මන්ත්‍රිවරයා මෙහිදි සදහන් කළේය.
ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චානක සම්පත් මාදුගොඩ මහතා මෙහිදි සදහන් කළේ ක්‍රිඩා උපකරණ භාවිතා කිරිමේ දි කැඩිබිදි යන බවත් ක්‍රිඩා සමාජ සදහා වසරකට දෙතුන් වතාවක්වත් ක්‍රිඩා භාණ්ඩ ලබාදිය යුතු බවය. සම්බන්දිකරණ කමිටු රැස්විම් කමිටුවේ සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නිශාන්ත සමරවිර මහතාගේ ප්‍රධානත්වයේ පෙරේදා (01) අක්මිමන ප්‍රා දේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි. මෙම සදහා අක්මිමන ප්‍රා දේශිය සභාවේ සභාපති සුගත් ආනන්ද , උප සභාපති ඕෂාන් රන්දික පෙරේරා, ප්‍රා දේශිය සභා මන්ත්‍රි අනිල් ප්‍රියදර්ශන යන මහත්වරු සහ අක්මිමන ප්‍රා දේශිය ලේකම් එස්.ටි සජිවනි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

