රෝගී වූ අලි පැටවෙක් රොටවැවට ඇවිත්
දින කීපයක් කිරලෝගම, කදුරුගස්වැව ගම්මානයේ දික්වැවේ රැදී සිටි වන අලියා අද (01) උදෑසන එප්පාවල රොටවැව ගම්මානයේ පිහිටි රොටවැවට පැමිණ ඇත.
තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිරලෝගම, කදුරුගස්වැව ප්‍රදේශයේ පිහිටි දික්වැව තුළ සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ දරුණු ලෙස රෝගාතුර වූ කුඩා වන අලි පැටවකු කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව මරණයත් සමඟ සටන් කරමින් ඊයේ (31) දින දක්වා රැදී සිටි අතර, ඔහු පොස්පේට් රක්ෂිතය හරහා කිලෝ මීටර 05 ක් පමණ දුර ගෙවා රොටවැවට පැමිණ රොට වැව තුළ මේ වන විට රැදී සිටියි.
වයස අවුරුද්දක් පමණ වන, අඩි 4ක් හෝ 5ක් පමණ උසැති මෙම අලි පැටවා ආහාර ලබා ගැනීමට හෝ ජලය පානය කිරීමට පවා නොහැකිව දින ගණනාවක් තිස්සේ වැව මැද ජලයේම රැඳී සිටින ආකාරය දැකගත හැකිය.
ගම්වාසීන් පවසන්නේ අලි පැටවා ජලය පානය කළද එය වමනය කරන බවත්, තමන් ලබාදෙන කිසිදු ආහාරයක් ගැනීමට නොහැකිව ප්‍රතික්ෂේප කරන බවත්ය. අලි පැටවාට ප්‍රථිකාර කිරීමට අද (01) දින වෛද්‍ය කණ්ඩායමක් පැමිණෙන බවට තහවුරු කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

