ලංකාවේ උක් සංවර්ධනයට බ්‍රසීලය සමග ගිවිසුමක්
‘ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර අනුපූරක ගැලපුම් ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර 2008 සැප්තැම්බර් 16 වැනිදා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
එම ගිවිසුම යටතේ ‘ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය’ නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීමට පසුගිය මැයි 25 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
මෙම ව්‍යාපෘතියට බ්‍රසීලියානු සහයෝගිතා ඒජන්සිය, සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ උක් පර්යේෂණ ආයතනය සම්බන්ධ වේ.
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර පවතින තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ මූලික ගිවිසුමට අනුව, එහි වැඩසටහන් හා ව්‍යාපෘති අනුපූරක ගැලපුම් ගිවිසුම් (Complementary Adjustment Agreements) හරහා ක්‍රියාත්මක කළ යුතුය.
ඒ අනුව, ‘ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර අදාළ අනුපූරක ගැලපුම් ගිවිසුම අත්සන් කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

