22 ක් ගෙනැල්ලා ආණ්ඩුව බොහෝ අය තරහා කරගෙන
"ආණ්ඩුවේ ඇමතිවරුන්ට අසීමිත පීඩනයක් තියෙනවා විශේෂයෙන්ම මේ 22ක් ගෙනැල්ලා ඒක සම්මත කරගන්න ගිහිල්ලා. නීතිඥ සංගමය තරහ කරගෙන, මහාධිකරණවල ගරු විනිශ්චයකාරවරුන් තරහ කරගෙන, පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය, ලංකාවේ වෘත්තිකයෝ. මේ හැම කෙනෙක්වම තරහ කරගෙන ඒ 22ක් සම්මත කරගන්න යනවා" යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඔහු මේ බව ප්‍රකාශ කලේ තංගල්ලේදී රැස්වීමක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජප්ක්ෂ මහතා,
"ජනාධිපතිවරයාට ඒක සම්මත කරලා ඕනේ කියනවා. අනේ ඉතින් ඇමතිවරයා, ජනාධිපතිවරයා කියන ඕන එකක් කරන්න උත්සාහ කරනවා. අපිට තේරෙනවා ඇමතිතුමා සමහරවිට මානසිකව වැටිලා ඇත්තේ. සාධාරණයි මයික් එකක් දැක්කාම තරහ යන එක.
කෘෂිකර්ම ඇමතිවරයාගෙන් කෘෂිකර්මාන්තය ගැන ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්න බැරි වුණා කියලා ගොවියෝ පලි නැහැ. අධ්‍යාපන ඇමතිවරියගෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන්, විභාගය සම්බන්ධයෙන්, ගුරු මාරුවීම් සම්බන්ධයෙන්, පාසලේ යටිතල පහසුකම් ගැන ප්‍රශ්නයක් ඇහුවාම අගමැතිවරියට තියෙන පීඩනය සම්බන්ධයෙන් ජනතාවට දඬුවම් ඕනේ කරන්නේ නැහැ ඒකට. දඬුවම් විඳින්නේ ඊට වඩා පීඩනයකින්. ගොවියා ඉන්නේ ඊට වඩා පීඩනයකින්. තරුණයා ජීවත් වෙන්නේ ඊට වඩා පීඩනයකින්.
දැන් මම දැක්කා ජනාධිපතිතුමා නේපාලයටත් ආපදාවලට ඩොලර් මිලියනයක් දෙනවා කියලා. ඒකටත් පොල්ල තියෙයිද දන්නේ නැහැ ගොවියාට කරනවා වගේ. එහෙමනම් කරන්න එපා ජනාධිපතිතුමා. තහඩුවකට ලක්ෂ 10ක් දෙනවා කිව්වා, ඉඩම්වලට ලක්ෂ 50ක් දෙනවා කිව්වා, ගෙදරට 50යි. ඒකෙ අනික් කතාවද දන්නේ නැහැ නේපාලයට පොරොන්දු වුණේ! අපේ අයට බොරු කියලා මදිවට දැන් නේපාලයටත් බොරුවක් කියනවාද දන්නේ නැහැ.ඒ හින්දා අපි ආණ්ඩුවටත් කියන්නේ කරුණාකරලා ජනතාව රවට්ටුවා ඇති දැන්. කරුණාකරලා වී ගත්තනම් සල්ලි දෙන්න."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

