මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට කිසිම සමාවක් නෑ
මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට සමාවක් ලබා නොදෙන බවත් අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කර ඇති බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නිතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්වයක් ඇති වුවහොත් හදිසි ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ මහර බන්ධනාගාරය පරිශ්‍රයේ අද (01) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.
" වෙනත් කිසිම රජයකින් අත්අඩංගුවට නොගත් මත්ද්‍රව්‍ය අපේ රජය යටතේ අත්අඩංගුවට ගන්නවා. පැවති ක්‍රමය වෙනස් කිරීම නිසාවෙන්ම බන්ධනාගාර තුළ ගැටුම්කාරී තත්වයක් පසුගිය කාලය තුළ නිර්මාණය වෙන්න පටන් ගත්තා. පසුගියදා මහර බන්ධනාගාරය තුළ ඇති වු සිද්ධිය තුළ කිසියම් සංවිධානාත්මක ස්වරූපයක් තිබෙනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.
වර්තමානය වන විට විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවලට විධිමත්ව කිසිවක් කරන්න බැහැ. ඒ නිසා විපක්ෂයට අර්බුදයක් නිර්මාණය කරන්න පුළුවන් එකම ස්ථානය බන්ධනාගාරයයි. සියලුම බන්ධනාගාර සදහා ස්කෑන් යන්ත්‍ර ඉදිරි අය වැයෙන් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නවා.
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය පසුගිය කාලය තුළ බරපතල ගැටළුවක් බවට පත්ව තිබුණා. එම ගැටළුව විසදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. එහි නිලධාරීන් රාත්‍රි දහය පමණ වන තෙක් රාජකාරී කටයුතු සිදු කරමින් වාර්තා කඩිනම් කිරීමට කටයුතු කරනවා. අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉදිරි මාස දෙක තුළ දැනට පවතින සියලු රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම අරමුණයි. බන්ධනාගාරගතව සිටින සියලු දෙනා අපරාධකරුවන් නොවෙයි. එක මොහොතකදී වු වරදකට වැරදිකරුවන් වෙලා තිබෙනවා.ඒ අයට දෙවන අවස්ථාවක් ලබා දිය යුතුයි.
බන්ධනාගාරයෙන් නිදහස් ගොස් නැවත මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ක්‍රියාවන් සිදු කරන්න එපා. සමාජයට යහපත් පුද්ගලයෙක් වන්න උත්සාහ කරන මෙන් ඉල්ලා සිටිනවා. මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට නම් කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

