ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) සහ සයිනොපෙක් (Sinopec) සමාගමද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය පෙට්‍රල් මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, අදාළ සමාගම් දෙකම විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 399ක් ලෙස සටහන් වේ. මීට අමතරව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 475ක් දක්වා සංශෝධනය කර ඇත.
