චීනය මේ වසරේ පස්වැනි වතාවටත් ඉන්ධන මිල වැඩි කරයි
ඉරාන යුද්ධය මධ්‍යයේ බලශක්ති පිරිවැය ඉහළ යාමත් සමඟ චීනය සිය ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් රියදුරන් මත පැටවෙන "බර අඩු කර ගැනීම" සඳහා සැලසුම් කළ ඉන්ධන මිල ඉහළට වඩා අඩු ප්‍රතිශතයකින් මිළ ඉහළ දමා තිබේ.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර මිල වැඩිවීම සිදුවන්නේ පස්වැනි අවස්ථාවට වන අතර වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ යාමද මෙවර සිදුවෙයි.
ගැටුම ආරම්භයේ සිට චීනයේදේශීය පෙට්‍රල් මිල 20% කින් පමණ ඉහළ ගොස් ඇති අතර ඉරානය ලෝකයේ කාර්යබහුලම තෙල් නැව් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට හේතු වී තිබේ.
පෙට්‍රල් සහ ඩීසල් මිල මුලින් පිළිවෙලින් ටොන් එකකට යුවාන් 2,205 (£239; $320) සහ යුවාන් 2,120 කින් ඉහළ යාමට නියමිතව තිබුණි - නමුත් රජයේ ගැලපීම් වලින් පසුව, අඟහරුවාදා සිට වැඩිවීම් යුවාන් 1,160 සහ යුවාන් 1,115 දක්වා අඩකින් පමණ අඩු වනු ඇත.
චීනයේ මිලියන 300 කට අධික ජනතාවක් පෙට්‍රල් හෝ ඩීසල් වලින් ධාවනය වන මෝටර් රථ ධාවනය කරන අතර, ගල්ෆ් රටවල් රටේ තෙල්වල ප්‍රධාන ප්‍රභවයකි.
සති අන්තයේ චීන නගර කිහිපයක ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු මෝටර් රථ පෝලිම් ඇති වී තිබූ අතර, සමහර ස්ථානවල ඉන්ධන අවසන් වී ඇති බවට දැන්වීම් පළ කිරීමට සිදුවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
