saravita-anim2

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි මස 04 වන සඳුදා

Latest News - timelapse 11451 hours ago

LATEST

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ නඩු තීන්දුව මාර්තු 15 වනදා

calendar_today 2019 පෙබ 26 - 18:45 remove_red_eye - 432  

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දේපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේදී ගොනුකොට ඇති නඩුව අද (26) දිනයේදී කැඳවු අවස්ථාවේදී නඩුව ලබන මාර්තු 15 වනදා දක්වා කල්දැමීමට මුලතිව් මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කොට සිටියේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙන් ශ්‍රි ලංකාවේ හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පනවා තිබෙනවා.

Read More

රජයේ විශ්ව විද්‍යාල වලින් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධි ලබාගත් වෛද්‍ය සිසුන්ට සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම් ලබන මාර්තු මස 27 වැනිදා දක්වා වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (26) නිකුත් කළේය.

Read More

සුනඛයන් සපා කෑමට ලක්වන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ලබාදෙන එන්නත බොහෝ රෝහල් තුළ නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස උපාලි මාරසිංහ මහතා පත් කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය විසින් පැවැත්වූ විමර්ශනයේ වාර්තාව 28 දා නිකුත් කිරීමට නියමිතව තිබේ.

Read More

කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයේ ටෙන්ඩර් පටිපාටිය පිළිබඳව හා පාසල් ළමුන්ට ටැබ් යන්ත්‍ර සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය අනු කමිටු දෙකක් පත්කර තිබේ.

Read More

යාපනය මහනුවර ඒ -9 මාර්ගයේ මාන්කුලම කිලෝමීටර 237 කණුව අසලදී අද(26) අලූයම සුඛෝපභෝගී බස්රථයක් ටිපර් රථයක ගැටී අනතුරකට ලක්වීමෙන් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව මාන්කුලම පොලීසිය පවසයි.

Read More

කොළඹ 02 ධර්මපාල මාවතේ විදුලි පහන් කනු තුළ ඇති විදුලි බල්බ දහවල් කාලයේදීත් ක්‍රියාත්මක කර තිබේ.

Read More

ඌව පළාතේ පොලීසිය විසින් මේ වසරේ ඉකුත් කාලය තුළ කරන ලද වැටලීම් වලදී බලපත් නොමැති ගිනිඅවි 65 ක් හා සැකකරුවන් 58 දෙනෙක් අත්ඩංගුවට ගෙන ඇතැයි ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පැවසීය .

Read More

ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ඇතුළුව කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් අවස්ථාවේදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හතරක කාලයක් සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂපක නිලධාරියා ලෙස සේවය කළ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (26) නියම කළේය.

Read More

ලංකාව තුළින් ජලභීතිකාව තුරන් කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව සිදු කරන විධිමත් වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩාකප්පල් කරමින් සිටින බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නැවත එහි හිමිකරුවන් වෙත ලබාදීමට රජය කටයුතු කිරීම එංගලන්තය පිළි ගන්නා බව එරට විදේශ කාර්යාලයේ ඇමති ලෝඩ් අහමඩ් සඳහන් කරයි.

Read More

පෞද්ගලික බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂ යක (12,000,000) ණය මුදල් නොගෙවුවහොත් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කළේය.

Read More

කොකෙන් බීපු මන්ත්‍රීවරුන් ඉන්නවානම් කවුද කියලා හෙළි කරන්න ඕන. ඒකට කොන්දක් තියෙන්න ඕන.

Read More

ශ්‍රි ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Read More

එක් පාසල් වාරයක් තුළ සිසුන්ගේන් 80%ක් ශාරීරික දඬුවම්වලට ලක්වන බවත් 53%ක් ශාරීරික අපයෝජන සිදුවන බවත් 2017 වසරේදී ළමා ආරක්ෂක අධිකාරිය කළ පර්යේෂණයකින් හෙළිව තිබේ.

Read More

ලස්සන යනු සුදු වීම යැයි වරදවා සිතන සමාජයක ජීවත්වන තරුණ තරුණියන්ට ආදර්ශමත් චරිතයක් ලෙස සුපිරි නිරූපණ ශිල්පිනියක වන විනී හාර්ලෝ හඳුන්වා දිය හැකිය. සමාජයේ හැල හැප්පීම්, කොන් කිරීම් හමුවේ තමන්ගේ සිහිනය කරා ගිය විනී වර්තමානයේ ලොව හොඳම නිරූපිකාවන් අතර ඉහළින්ම රැඳී සිටියි. සුදුවන්නට විවිධ ක්‍රම අනුගමනය කර අමාරුවේ වැටෙන සියලු දෙනාට ඇය පෙන්වා දෙන ආදර්ශය අතිමහත්වන නිසාම ඇය පිළිබඳ සටහනක් මෙලෙස තබන්නෙමු.

Read More

පළාත් පහක දිස්ත්‍රික්ක 11ක් වෙත තද වැසි හා අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

රට පුරා ගොස් පානීය ජල තත්වය පරීක්ෂණය කිරීමට පහසුවන සේ සියලු උපකරණ හා සේවාවන් අඩංගු ජංගම රසායනාගාරයක් ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානය කර තිබේ.

Read More

තම ඉනෙහි බදින පටියෙහි ඇතුළු පැත්තේ රන් බිස්කට් 04 ක් සගවා ගෙන මෙරටට පැමිණි ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු ඊයේ (25) දින දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .

Read More

ඇය පසුගිය වසරේ අවසන් කාලයේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ අතර එහිදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඉහළ පෙළේ නිලධාරීන් සමගද සාකච්ඡා පැවැත්වීමට කටයුතු කළේය.

Read More

රත්ගම, බූස්ස ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදහන් වීම පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

මේ අරමුදල හැදුණේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වූ අවස්ථාවේ මැතිවරණ ව්‍යාපාරයට ගලා ආ ප‍්‍රචාරක වියදම් සදහා වූ ආධාර මුදල් වලින්.

Read More

රත්ගම ප්‍රදේශයේදී තරුණ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන යෑමට හා ඔවුන් ඝාතන කර මළසිරුරු රැගෙන යෑමට භාවිත කළ කැබ් රථය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More

නවින් දිසානායක මහතා ඒ බව කියා සිටියේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් 380 දෙනෙකුට පාංශු සංරක්ෂණය සඳහා රු ලක්ෂ 6ක චෙක්පත් බෙදා දිමේ උත්සවය අද (25) ගිනිගත්හේන සමුපකාර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

Read More

එකමුතුකම නැතුව නොවෙයි. එකමුතුකම තිබුණා. ඔස්ට්‍රේලියානු තරගාවලිය එකම විදියට තමයි ගියේ.

Read More

ගුරු මාරු ලබාදීමේදී විවිධ ජනප්‍රිය පාසල් ලබා දෙන බව පවසමින් ගුරුවරුන් ගෙන් අල්ලස් ලබා ගන්නා බවට අධ්‍යාපන වෘත්තීය සමිතියක ප්‍රධාන තනතුරක් දරන භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ඒ මහතා මෙම අදහස් පළකළේ මහනුවර ශ්‍රි දළදා මාළිගාව වන්දනාමාන කිරීම සහ මහානායක ස්වාමීන්වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

Read More

අදාළ වාර්තාව මගින් සන්ධානයේ සාතිශය බහුතරයක් මන්ත්‍රීවරුන්ට එරෙහිව සභාගැබ මැදට පැමිණීම පිළිබඳ චෝදනාව එල්ල කර තිබුණද, එසේ සභාගැබට පැමිණි එ.ජා.ප.මන්ත්‍රීවරුන් නිදහස් කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.