පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව ප්රතික්ෂේප කරනවා - ගම්මන්පිල
නොවැම්බර් 14 වැනිදාපාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාව එක්සත් ජාතික පක්ෂයට පක්ෂග්රාහී ලෙස සකස් කර තිබෙන බැවින් විපක්ෂමන්ත්රීවරුන් එම වාර්තාව ප්රතික්ෂේප කරන බව පාර්ලිමේන්තුවට, කථානායකවරයාට හා අදාළ කමිටුවට දැනුම්දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අද (25දා)පැවසීය.
අදාළ වාර්තාව මගින් සන්ධානයේ සාතිශය බහුතරයක් මන්ත්රීවරුන්ට එරෙහිව සභාගැබ මැදට පැමිණීම පිළිබඳ චෝදනාව එල්ල කර තිබුණද, එසේ සභාගැබට පැමිණි එ.ජා.ප.මන්ත්රීවරුන් නිදහස් කර තිබෙන බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
එදින නලීන් බණ්ඩාර,නවින් දිසානායක, දයා ගමගේ, මංගල සමරවීර, මුජිබර් රහ්මන්, ජේ.සී. අලවතුවල, හේකටර් අප්පුහාමි,හරින් ප්රනාන්දු වැනි එ.ජා.ප.මන්ත්රීවරුන් කලහකාරී ලෙස හැසිරෙන ආකාරය වීඩියෝපටවල සටහන්ව තිබුණද, කමිටු වාර්තාවේ ඔවුන්ගේ නම් නොමැති බවද හෙතෙම පැවසීය.
විජිත හේරත් මන්ත්රීවරයාගේ විශ්වාසභංග යෝජනාව භාරගැනීම හේතුවෙන් පාර්ලිමේන්තු ගැටුම ඇතිවූ බැවින් කථානායකවරයාද එහි වරදකරුවෙකු බවත්,ඒ සම්බන්ධව කමිටු වාර්තාව අවධානය යොමුකර නොමැති බවත් ඒ මහතා ප්රකාශ කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රීවරුන් 54ක්, එ.ජා.ප.යේ මන්ත්රීවරුන් 4ක් සහ ජ.වි.පෙ.මන්ත්රීවරයෙකු වරදකරුවන් කරමින් සකස් කළ මෙම කමිටු වාර්තාව 'කොළ පැහැති වාර්තාවක්' ලෙස හැඳින්විය හැකි බවත්,යම් ක්රියාවක් වරදක් නම්, කොළපාට මන්ත්රී කළද, නිල්පාට මන්ත්රී කළද, රතුපාට මන්ත්රී කළද වරද වරදම බවත් මන්ත්රීවරයා පැවසීය.

popular news
-
Don Monday, 25 February 2019 08:41 PM
චන්ඩි පාට් දානකොටනම් වීරයෝ වාර්තාව එනකොට බයවෙලා මුන්ට පාර්ලිමේන්තුවේ අහලටවත් එන්න දෙන්න එපා !!
Reply : 5 2
Batangala Tuesday, 26 February 2019 07:03 AM
ගම්මන්පිල මොනවා කිව්වත් රටේ ඉන්න මහා ජනතාව සිද්දිය හොඳින්ම දැක්ක. දිනේෂ් ඇතුළු පොහොට්ටු කාරයෝ දැන් බයවෙලා පාර්ලිමේන්තු වරප්රසාද වලට මුව වෙලා නීති කටයුතු කරන්න එපාලු. අනේ මෙහෙමත් දෙසපලුවෝ ටිකක්. අපේ ජනතාව මේවට මීළඟ මැතිවරණයකදී පිළිතුරු දියයුතයි පක්ෂය කුමක් වුනත් මේවගේ පිරිහුණ මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු ප්රතික්ෂේප වෙන්න ඕන.
Reply : 3 1
Champa Tuesday, 26 February 2019 01:23 PM
හරියට බැලුවොත් යූඑන්පී ශ්රී ලංකා පොහොට්ටු ඒකාබද්ධ විපක්ෂ නායකයන්ටත් දඬුවම් කරන්න ඕනේ. ඒ මොකොද මේවා සිද්ධ වුනේ ඒ අයගේ අනුදැනුම මත සහ ඇස ඉදිරිපිට නිසා. කිසි පක්ෂ නායකයෙක් තමන්ගේ මන්ත්රීවරු discipline කලේ නැහැ. අනිත් පැත්තෙන් මම දැක්ක සමහර මන්ත්රීවරුන්ට CID එක එන්න කියලා කියලා. එහෙම එන්න කියන්න අයිතියක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්රීවරු රටේ නීතියට යටත් බව ඇත්ත. හැබැයි සභාව ඇතුලේ සිද්ධ වෙන දේ වලට හැර. ඒ හින්ද තමයි පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට වරප්රසාද කියලා ජාතියක් දීල තියෙන්නේ. සභාව ඇතුලේ ගහ ගන්න ඒවාට නඩු දානවා නම්, සභාව ඇතුලේ කරන අපහාස සහ උසාවිය විවේචන කරන එකටත් නඩු දාන ඕනේ. හැමෝම දන්නා පරිදි සභාව ඇතුලේ කරන දේ ගැන නඩු දාන්න බැහැ. මෙතන වෙනස් තේරුම් ගන්න ඕනේ. මේ ගහගත්තේ පාර්ලිමේන්තුවේ වෙන තැනක නම්, කැන්ටිමේ නම් ඒක වෙනම කතාවක්. මේ වුනේ සභාව ඇතුලේ සභා වාරයකදී. එතනදී සියලු මන්ත්රීවරුන් පාර්ලිමේන්තු වරප්රසාද වලට අයත්. ඒ හින්ද CID එකට මේකට ඇඟිලි ගහන්න බැහැ. අනික ලිස්ට් එක බලපුවහම තේරෙනවා පෞද්ගලික තරහවල් සහ එදිරිවාදිකම් මේ වාර්තාවට මුල් වෙලා තියෙනව කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
