විධායකය අහෝසි කිරිමට මෛත්‍රී, රනිල්,මහින්ද එකඟ විම සතුටක්
විධායක ක්‍රමය වෙනස් කිරීම පිළිබද කතිකාව ඇති කළේ මාස ගණනකට පෙර. ජනාධිපතිතුමා, අගමැතිතුමා මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ මේ විධායක ක්‍රමය අහෝසි කරන පොරොන්දුව පිට. ඇත්තටම මට සතුටුයි, අපේ ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් මේ විධායකය වෙනස් කිරීම පිළිබඳව අද එකම ස්ථාවරයකට පැමිණ තිබීම පිළිබදව.
දැන් අපි මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. මට පේන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ස්ථාපිත කරන්න හොඳම මාර්ගය තමයි මේ විධායක ක්‍රමය අහෝසි කිරීම. මේ සම්බන්ධව අදහස් දක්වන මහානායක ස්වාමීන්වහන්සේලා දෙනමත් පවසන්නේ, රටට ගැලපෙන ආකාරයට යම් වෙනසක් සිදුවෙනවානම් එය විය යුතුයි කියලා"යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.
ඒ මහතා මෙම අදහස් පළකළේ මහනුවර ශ්‍රි දළදා මාළිගාව වන්දනාමාන කිරීම සහ මහානායක ස්වාමීන්වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.
අමාත්‍ය කරුණානායක මහතා මහානායක ස්වාමීන් වහන්සේලා හමුවී රටේ වර්තමාන දේශපාලනමය සහ සමාජමය කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර වැඩකරන දේශපාලඥයෙක් වශයෙන් අමාත්‍යවරයා උන්වහන්සේලාගේ ප්‍රශංසාවට ලක්විය.

popular news
-
Sunil Tuesday, 26 February 2019 11:41 AM
එතකොට බැංකු කොල්ල කන්න ලේසිද?
Reply : 0 0
Champa Tuesday, 26 February 2019 01:43 PM
මගේ comment එක දාල නැහැ. දැන්මම මෙහෙම බය නම් චන්ද ලන්වෙනකොට කොහොම බය වෙයිද?
Reply : 0 24
Champa Tuesday, 26 February 2019 04:40 PM
මන් කිව්වේ මගේ comments දාන්න පත්තරකාරයෝ බයයි. දේශ ද්‍රෝහීන් නම් කරපු හින්ද මුළු comment එකම කපල දාලද කොහෙද. එකම comment එක නැවත ලියන්න කම්මැලියි. මේ තමයි ලංකා දේශපාලනයේ නින්දිතම පාවාදීම. විධායකය අහෝසි කරන්නේ දේශද්‍රෝහීන් දේශපාලනයේ තියන්න මිසක් වෙන මොකොටද. ඒකට deal එකක් දාන්න ඇති. මිනිස්සු දේශද්‍රෝහීන් ගෙදර යවන්න බලා ඉන්න කොට උන්ව ආරක්ෂා කරන්න විධායකය අහෝසි කරන්න එකඟ වෙනවා.
Reply : 0 24
Champa Tuesday, 26 February 2019 04:53 PM
රවී කරුණානායක වගේ මිනිහෙක් ලංකාවට ජනාධිපතිවරණයක් අවශ්‍ය නැහැ කියන කොට දත් මිටි කැවෙන්නේ මගේ විතරද? මේකත් මගේ කපා දමපු comment එකේ තිබුන. චැක්, කවුද ලංකාවේ පත්තර නිදහස තියෙනව කියලා කියන්නේ? පත්තරකාරයන්ව බය කරලා තියෙන්නේ. කොයි තරම් බයද කිව්වොත් මිනිහෙක්ගේ අහිංසක comment එකක්වත් දාන්න බය හිතෙන තරමට බය කරලා. ඊට කලින් මම දැක්ක මගේ comments තිය්නේ මුළු news පිටින් අයින් කරලා තිබුන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
