වකුගඩු අරමුදලේ මිලියන 628ක්
ජාතික වකුගඩු රෝග නිවාරණ අරමුදලේ මුදල් යොදවා ඉදිකළ මහනුවර වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කළේය. ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්.
“මේ ගොඩනැගිල්ල රුපියල් මිලියන 28 කින් හැදුවේ රජයේ මුදල් සතයක්වත් වැය නොකර. එය මේ බෙදලා තියෙන පත්රිකාවලත් නැහැ. මම හිතන්නේ නිවේදක මහත්වරුත් මේ ගැන දැනුවක් කරලා නැහැ. මේ ගොඩනැගිල්ල මුළුමනින්ම ජාතික වකුගඩු අරමුදලේ ප්‍රතිපාදන වලින් ඉදිකළ ගොඩනැගිල්ලක්.
ත්‍රිවිධ හමුදාව එක්ව මේ ගොඩනැගිල්ල කළේ. මේ හා සමානව තවත් ගොඩනැගිල්ලක් අනුරාධපුරේ ඉදිවෙනවා. එය ලබන මාසේ විතර අපි විවෘත කරනවා. මේ අරමුදල හැදුණේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වූ අවස්ථාවේ මැතිවරණ ව්‍යාපාරයට ගලා ආ ප්රචාරක වියදම් සදහා වූ ආධාර මුදල් වලින්.
මම ඒ අවස්ථාවේ ඉල්ලීමක් කළා පෝස්ටර් බැනර් කටවුට් මම පාවිච්චි කරන්නේ නැහැ මැතිවරණ ප්රචාරක කටයුතුවලට. ඒවාට වැය කරන මුදල් සියල්ලම වකුගඩු අරමුදලක් දාන්න පටන් ගන්න අහවල් බැංකු ගිණුමට බැර කරන්න කියලා අපි මාධ්‍ය තුළ ප්‍රචාරය කළා. මම ඒ ගිණුම පුදගලිකව පටන් ගත්තේ වකුගඩු අරමුදක් විදියට. ඒ වෙලාවේ මැතිවරණ ව්‍යාපාරය තුළ විශාල මුදලක් මට මතක හැටියට මිලියන 50 ක් 60 ක් ඒ අරමුදලට ලැබිලා තිබුණා.
මම ජනාධිපති ධුරයට පත්වූ පසු 2015 පළවෙනි අය වැය යෝජනාවල දී ඒ අරමුදල ජාතික වකුගඩු අරමුදලක් වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඒ තුළ එය රජයේ අරමුදලක් බවට පත්ව ලැබෙන පරිත්‍යාග මගින් පුළුල් වුණා. මෙය දැන් රජයේ පාලනය යටතේයි තිබෙන්නේ. මේ අරමුදලට දේශීය වශයෙන් විශාල ලෙස මුදල් පරිත්‍යාග ලැබුණා. මේ මිලියන 628 ම පරිත්‍යාග. රජයේ මුදල් සතයක්වත් වැය කරලා නැහැ. අනුරාධපුරයේත් එහෙමයි. අපි දැනට රට පුරා වකුගඩු රෝගීන් වෙනුවෙන් සුබසාධන සේවා කරන්නේ මේ අරමුදලින්.”
මෙම ගොඩනැගිල්ල විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය ලෙසද නම් කළේය.








popular news
-
Champa Tuesday, 26 February 2019 01:09 PM
ලංකා දේශපාලකයන්ගේ බුද්ධිය ගැන කියන කතාව මේක. අරමුදල හැදුනු හැටි ගැන මට නම් වැඩක් නැහැ ඒ මොකොද කයිවාරු ගහන ලංකාවේ සියලු පක්ෂ වල දේශපාලකයෝ රට ණයකාරයෝ කරපු එකට සහ රජයේ මුදල් අසීමිතව නාස්ති කිරීම ගැන වග කියන්න ඕනේ නිසා. බුද්ධිය කියලා මම අදහස් කලේ පොත පතේ දැනුම ගැන නෙමෙයි. ඉපදෙන කොටම ඕනෑම මිනිහෙකුට අඩු වැඩි වශයෙන් පිහිටන සහජ බුද්ධිය ගැන. ඒ කිව්වේ, මේ වගේ වකුගඩු අරමුදලක් හදන එකේ පරමාර්ථය මොකක් වෙන්න ඕනෙද? අනුන්ගේ සල්ලි නිසා කතා කරලා වැඩකුත් නැහැ. නමුත් ඇත්තටම කරන්න ඕනේ වකුගඩු රෝගය හැදෙන්නේ නැති වෙන හැටි හොයන්න පර්යේෂණ කරන එක මිසක් හැදෙන්න ඇරලා ලෙඩ්ඩුන්ට සුබ සාධනය කරන එක නෙමේ. ලංකාවේ මිනිස්සුන්ට පොවන බෙහෙත් කන්දරාව දැක්කහම බය හිතෙනවා. මොන තරම් බෙහෙත් පොවනවද සහ ඒක මොන තරම් ලාභදායක ජාවාරමක්ද කිව්වොත් ලෝක බැංකුවත් බෙහෙත් කොම්පැනියක් එක්ක එකතු වුනා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

