සිමාවාසික වෛද්‍ය පත්විම් ලබාදිම වලකාලමින් අතුරු තහනම් නියෝගයක්
රජයේ විශ්ව විද්‍යාල වලින් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධි ලබාගත් වෛද්‍ය සිසුන්ට සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම් ලබන මාර්තු මස 27 වැනිදා දක්වා වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (26) නිකුත් කළේය.
සීමාවාසික වෛද්‍ය පුහුණුව ලැබීමට සුදුසුකම් ලැබු මාළඹේ වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) වෛද්‍ය උපාධිය ලබාගත් වෛද්‍ය සිසුන්ට සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබානොදී රජයේ වෛද්‍ය පීඨ සහ කොතලාවල වෛද්‍ය පීඨ උපාධිධාරීන්ට පමණක් එම පත්වීම් ලබා දෙන බව කියමින් සයිටම් සිසුන් තිදෙනෙකු විසින් ගොනු කොට තිබු මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම් සම්බන්ධයෙන් මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ප්‍රසන්න ජයවර්ධන , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරන ලදී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
