saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10960 hours ago

LATEST

මුලතිව් තල් වනයක් ගිනිගනියි

calendar_today 2019 ජුනි 14 - 12:10 remove_red_eye - 501  

මුලතිව් සෙල්වපුරම් ප්‍රදේශයේ පිහිටි විශාල තල් ගස් යායක් හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් ඊයේ (13) දින සවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට ප්‍රදේශවාසීන් කියා සිටිති.

පන්නල , ඉරබඩගම ඔමේගා ලයින් ඇගලුම් කම්හලේ අද (14) උදෑසන 2 ට පමණ හදිසි ගින්නක් හටගැනිමෙන් එහි ලයින් වන් ගොඩනැගිල්ල ගින්නෙන් දැවි ගොස් ඇති බව වාර්තා වේ.

Read More

මඩකලපුව , වව්නතිව් පොලිස් මාර්ග බාධකයට ඉකුත් 2018.11.30 දින රාත්‍රී පහර දී , එහි රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා මරා දැමූ , තවුහිද් ජමාද් සංවිධානයට අයත් ප්‍රධාන සැකකරු ඇතුළු තවත් එම සංවිධානයට අයත් පස් දෙනෙකු අද (14) දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

කල් ඉකුත් වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කිරීමට නියෝග කර තිබූ ෆෝලික් ඇසිඩ් ඖෂධ පෙති මිලියන 552ක මුළු තොගයෙන් 98෴ක ප්‍රමාණයක් ගර්භිණී මවුවරුන් වෙත නිකුත් කර ඇති බවට අනාවරණය වී ඇතැයි කොළඹ මහනගර සභා මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

විජය පුවත්පත් සමාගම විසින් 16 වැනි වරටත් පවත්වනු ලබන ලංකාදීප පොසොන් ආලෝක පූජාව හෙට (15දා) සිට 17 වැනිදා දක්වා තන්තිරිමලේ ඓතිහාසික පුදබිමේදී පැවැත්වේ. විදුලි බුබුළු දස දහස් ගණනකින් මෙවරද තන්තිරිමලේ ඓතිහාසික පුද භූමිය ඒකාලෝකමත් වේ.

Read More

පාසල් වෙත ආරක්ෂාව ලබා දීමට දෙමාපියන් සහභාගි කර නොගන්නා ලෙස නිකුත් කර තිබූ චක්‍රලේකය තවමත් විදුහල්පතිවරුන්ට නොලැබීමෙන් විදුහල්පතිවරු දැඩි අපහසුතාවට පත්ව තිබේ.

Read More

ගොවීන් නිපදවනු ලබන ප්‍රාථමික අපනයන වෙළඳපොළට ගැලපෙන පරිදි අගය එකතු කිරීමේ ඒකාබද්ධ ක්‍රියාවලියක් තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අදියර දෙකක් යටතේ රට තුළ අපනයන නිෂ්පාදන ගම්මාන 5000ක් පිහිටුවීමට නියමිතය.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් එරෙහිව මේ වන විට පැමිණිලි 27කැ ලැබී ඇති බව පොලීසිය පවසයි.

Read More

නිරිත දිග මෝසම් තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා විමේ ඉහළ යාමක් පෙන්නුම් කළ එය වසංගත තත්ත්වයක් බවට පත් විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

බඩඉරිඟු මිලට ගත් තොග ගබඩාකරුවන් සහ අතරමැදියන් බඩඉරිඟු තොග ඉදිරි සති දෙක තුළ නිදහස් නොකළොත් බඩඉරිඟු ආනයනය සඳහා ඉඩ ලබාදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පතිවරයා ඇතුළුව රාජ්‍ය නිලධාරීන් භාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

Read More

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති අසේල සම්පත් මහතා විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව සිදුකළ පැමිණිල්ලකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පැය දෙකක ප්‍රකාශයක් අද (13දා) ලබාදුන්නේය.

Read More

මතභේදයට තුඩුදී ඇති භාණ්ඩාකාර බැඳුම්කර නිකතුව මගින් රජයට කෝටි ගණනක පාඩුවක් කරමින් මහා පරිමාණ වංචාවක් කර ඇති බවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට හා පරපෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ ඇතුළු 10කුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවැරීමට අගවිනිසුරුවරයා විසින් නීතිපතිවරයාට අවසර දුන්නේය.

Read More

ඉදිරි සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය හැකි බවට විශ්වාස කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

Read More

අධ්‍යාපනයට අදාළ විවිධ ගැටලු විසඳා ගැනීමේ අරමුණින් මහජන දිනය දා, බදාදා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරදීම සඳහා ම කැප වී කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දි ඇත.

Read More

ලෝකයේ ඉස්ලාම් රටවල් 17 ක තානාපතිවරු කථානායක කරු ජයසූරිය මහතා සමග වි‍ශේෂ හමුවක් පෙරේදා (11දා) දින පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියහ.

Read More

රටක සංකීර්ණ වටපිටාවක් දේශපාලන ආර්ථික බලපෑම් වශයෙන් තියෙන අවස්ථාවක අගමැති ජනපති දෙදෙනා ම රටින් බැහැරව ගොස් ඇති බවත් බිලියන විසි එකක් රටේ ජනතාව නිශ්ශබ්දව ඉන්නේ කරන්න දෙයක් නැති නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දී තිබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් කොළඹ කොටුවේ පිහිටි එම විමර්ශන කොට්ඨාසය ඉදිරිපිටදී අද(13දා) දහවල් නිහඬ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

Read More

ඉදිරි ජනාධිපතිවරණ ඡන්දයේදි වත්මන් ආණ්ඩුව සුනාමියට ගසාගෙන යන පොල් කෝම්බයක් වගේ ගෙදර යැවිමට සියලු දෙනා වගබලා ගත යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ජනතාවගේ අපෙක්ෂාව වි ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව පාර්ලිමෙන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නැයි බලකරමින් අන්තර් සමාගම් සේවක සංගමයේ නෙවිල් ප්‍රනාන්දු රෝහල් ශාඛාව විසින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (13දා) දහවල් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

Read More

ඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ඔහු දැනුම් දී ඇත්තේ මෙම සිදුවීම් මහජන කැළඹීමක් පවා ඇතිවන සිදුවීම් බවත් එම සිදුවීම්වල විමර්ශනවල අනිසි ප්‍රමාදයක් ඇති බවට පෙනී යන හෙයින් එම විමර්ශන කඩිනම් කරන ලෙසත් නීතිපතිවරයා දන්වා ඇත.

Read More

ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලිම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට තමන් සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

ඉන්දීය ජාතික විමර්ශන ඒකකය විසින් තමිල්නාඩුවේ ස්ථාන හතක කළ සෝදිසි මෙහෙයුමකන් ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමග සමීප ෆේස්බුක් ඔස්සේ සබඳතා පැවැත්වූ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගොවින්ගේ එළවළු හා පළතුරු කල් තබා ගැනීම වෙනුවෙන් දඹුල්ලේ ඉදිවන ප්‍රභාෂ්වර උෂ්ණත්වය හා ජලවාෂ්ප පාලනය කිරීමේ ගබඩා සංකීර්ණයේ ඉදිකිරිම් මේ වසරේ සැප්තැම්බර් මාසය තුළ අවසන් කිරීමට හැකිවෙනු ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

පසුගිය වසරේ දෙසැම්බර් 22 හා 25 අතර කාලයේ මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (13 ) මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ජුනි 27 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කර සිටියේය.

Read More

බුලත්සිංහල ඉහළ වෙල්ගම මහගම හැට්ලිවත්ත තේ කර්මාන්ත ශාලාවක් තුළදි බාල තේ කොළ වලට රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කරමින් සිටි පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකි විය.

Read More

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (13) අද පුවත්පතට පැවැසීය.

Read More

මම මේ ගැන හෝටල් සංගමයට කිව්වා. ඒ අය රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතුයි. මම දන්නේ නෑ ඒ අය මොකද එය කරන්නේ නැත්තේ කියා.

Read More

2019 වසරේ අයවැය අනුව විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ලබාදෙන දීමනාව රුපියල් 2000 සිට රුපියල් 5000 දක්වා වැඩි කළේය.

Read More

වවුනියාව වේලංකුලම් ප්‍රදේශයේ ගෙවත්තක් පිළිසකර කිරීමට යාමේදී වළ දමා තිබූ අත්බෝම්බ 5ක් ඊයේ (12) දින හමු වූ බවට වවුනියාව පූවර්සන් කුලම් පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.