saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 1335 hours ago

LATEST

ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

calendar_today 2024 නොවැ 28 - 13:45 remove_red_eye - 296  

ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද (28දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මෙරට තුළ එච්.අයි.වී. ආසාදනය පිරිමින් අතර ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, ඒ අනුව 2023 වසරේ 694ක් ලෙස වාර්තා වූ නව ආසාදිතයන්ගෙන් 88%ක් පිරිමි පුද්ගලයන් වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇති අතර, එය රටේ අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන බව ද අවධාරණය කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අ.පො.ස උසස්​ පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

Read More

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.

Read More

කාර්තිවු පොලිස් වසමේදි නින්දවූර් සිට සමන්තුරය දක්වා ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි සිසුන් සිව් දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.

Read More

ඇතැම් පළාත් සභා රෝහල්වල සේවය කරන පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සේවයට පැමිණීම හා පිටවීම සලකුණු කිරීම ඇඟිලි සලකුණු යන්ත්‍ර හරහා සිදුකිරීමට තීරණය කර තිබෙන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.

Read More

අයහපත් කාලගුණය හමුවේ යාන් ඔය මෝය ආසන්නයේ ඔරුවකින් ගොස් මසුන් ඇල්ලීමේ යෙදුණු පිය පුතු දෙපළක් ඊයේ (27දා) සැඩ පහරට හසු වී ඔරුව පෙරළීමෙන් පියා අතුරුදහන් වී ඇති අතර පුතා බේරී ගොඩට පීනා ඇතැයි පුල්මුඩේ පොලිසිය කියයි .

Read More

වසර 10ක කාලය තුළදී දුම්වැටි අලෙවිය50%ට ආසන්න අගයකින් පහත බැස තිබෙන බවට සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) සඳහන් කරයි.

Read More

මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 මංකොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

අල්ලස් දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.

Read More

රුපියල් බිලියන 330ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් ලැබෙන මුදල් නිකුත් කරනු ලබන්නේ කුමකටද යන්න ආණ්ඩුව ප්‍රකාශ කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි.

Read More

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා අද (28) හා හෙට (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත ගස්කොළන් උඩරට දුම්රිය මාර්ගයට කඩා වැටී තිබිම නිසාවෙන් කොළඹ කොටුව බදුල්ල අතර උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වෙනස් කම් කීපයක් සිදු කරමින් ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය අද (27) පැවසීය.

Read More

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලධාරීන්ට දැනුම් දුන්නේය.

Read More

අවධමනය දීර්ඝ කාලීනව රටක පවතිනවානම් එය අහිතකර තත්ත්වයක් බවත් ශ්‍රී ලංකාව වැනි උද්ධමනය ඉහළ ගිය රටක අවධමනයක් ඇතිවූවිට එයින් ආර්ථිකයට බලපෑමක් නොවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

Read More

අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පැවැති විනිසුරු ධූර සඳහා පසුගිය පාලන සමයේදී විනිසුරුවරු පත් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අවසර දුන්නේය.

Read More

පොළොන්නරු දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම 27 වෙනිදා සවස වන විට සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

Read More

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය දෙසැම්බර් 3 සහ 4 අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය දෙසැම්බර් 5 පාර්ලිමේන්තුවට

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ඇතිවන විවිධ හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට හා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිරීම වෙනුවෙන්ම විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Read More

ප්‍රසිද්ධ ස්ථාන අපවිත්‍ර කරන්නන්ට එරෙහිව නඩු පැවරීම සඳහා ‘Clean Sri Lanka’ නම් වූ ව්‍යාපෘතියක් 2025 වසර තුළදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව පසුගිය රජයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද (27දා) ​අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට තිබේ.

Read More

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පුද්ගල මරණ 2ක් වාර්තා වන බව පොලිස් මාධ්‍යප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27දා) ආරම්භ වේ.

Read More

පවතින අයහපත් කාලගුණයත් සමග යාපනය ඒ -9 මාර්ගය ඕමන්තේ ප්‍රදේශයෙන් ජයලයෙන් යට වී තිබේ.

Read More

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අවුරුදු ව්‍යාපෘතියකින් එළුවන් 23 දෙනෙකු පමණක් අභිජනනය කිරීමේ සිද්ධියක් ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.